ඇරියන්වාදය (Arianisma) යනු රෝමානු කතෝලික සම්මතයන්ට පටහැනි වු ක්‍රිස්තියානි ලබ්ධියකි. මෙය ඇරියන්වාදය හැටියට හැදින්වෙන්නෙ එහි නිර්මාතෘවරයා වු ඇරියස් ( Arius ) නම් පූජකයා නිසයි.
මෙම දර්ශනයට පදනම්ව ඇත්තෙ දෙවියන්ගෙ පුත්‍රයා වු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සත්‍ය වශයෙන් මවන ලද පුද්ගලයෙකු මිස, පුත්‍රයා වශයෙන් දිව්‍යමය වූවත්, දෙවියන් වහන්සේ හා සමාන පුද්ගලයෙකුවත්, දෙවියන් මෙන් සදාකාලික අයකුවත් නොවේ" ය යන්නයි.
ක්‍රි.ව. 325 දි නයිසියා ( Nicaea ) කවුන්සලය මගින් පියාත් පුතාත් එක සමාන යැයිද සදාකාලිකවම සමාන යැයි ද ඒ දෙදෙනාම එක් අයෙකු බවත් තහවුරු කොට , ඒ අනුව මේ ඇරියන්වාදය තහනම් කොට ,ඒ අනුව එහි අනුගාමිකයන් පලවා හරිනු ලැබිය.
ඇරියන්වාදයේ අනුගාමිකයන් වු බලවත් බිෂොප්වරුන් පවා සිටි නිසා මේ වාදය යලිත් වැඩිකල් නොයවාම හිස එසැවුණි. මෙම විශ්වාසය කලකට නිල වශයෙන් පිලිගනු ලැබුවත් 381 දි කොන්ස්තන්තිනෝපල් කවුන්සිලය මගින් අවසාන වශයෙන් පරාජය කරනු ලැබුවා..
No comments:
Post a Comment