ගණිතය යනු විද්‍යාවේ රැජින යයි බටහිර වැසියෝ කියති.හෝඩි පන්තියේ සිසුවාගේ පටන් මහා විද්‍යාධරයා දක්වා කොයිකාටත් ගණිතය හා ඉලක්කම් නැතිවම බැරිය. ගණිතඥයකු වරක් ප්‍රකාශ කළ පරිදි එය දර්ශණය තරමටම ගැඹුරුය. සංගිතය තරමටම රසවත්වය.
ගණිතයේ අතීත කතාව සොයා බැලීමේදි එය මීට වසර පනස්දහසකට පමන ඉහත පැලියොලිතික යුගය දක්වා ඈතට දිවෙන්නක් බව පැහැදිලි වෙයි. ආරම්භක වකවානුවේ මිනිසාට ගණිතය පිළිබඳ අවශ්‍යතාවයක් තිබෙන්නට නැතැයි ඔබ සිතුවාද ඒ මතය වැරදි සහගතය..
මුල්ම සාධක අනුව ආදීම මිනිසාට ගණිතය අවශ්‍ය වුයේ ආහාර සොයා ගැනීම සදහා බව පෙනේ. ඇපල් ගසක් සොයාගෙන ඔහු අතේ ඇගිලි වකුටුකරගනිමින් ඔහුටම ගෝචර වු ගණිත ක්‍රමයකින් ආහාර සපයා ගනි. පවුලේ සාමාජික සංඛ්‍යාව කොතැක්දැයි දැන සිටියද ගණිතමය වශයෙන් කීමටවත් ලීවිමටවත් ඔහු දැන සිටියේ නැත.
එක ඇපල් ගෙඩියක් කඩා ගත් පසු අතේ එක ඇගිල්ලක් වකුටු කරගන්නා අතර ඊළග ගෙඩිය කඩාගත් පසු තවත් ඇගිල්ලක් නවාගනිමින් මුලු පවුලටම සෑහෙන ප්‍රමාණය නිවැරදිව ගෙන ගියේය. සීමිත අවශ්‍යතාවන් තිබු එම යුගයේ මෙලෙස ගණිතයට හුරුවු ආදි මිනිසාට මෙහි වැදගත්කම වැටහුණේ එඬේර යුගයේදි බව සිතිය හැකි ය.
ගව,බැටලු හෝ එළුවන් ගණන් කිරීමේදි එක් එක් සතා වෙනුවෙන් ගල් කැටයක් හො ලී කැබැල්ලක් බැගින් වෙන්කර තැබීමට ඔහු පුරුදු වුයේ දෙවැනි පියවර වශයෙනි.ඊට වඩා පහසු ක්‍රමය ඉරි ඇදිම බව වටහා ගත්තේය.
ඉරි ඇදිමේ සංකේත ක්‍රමය සාමාන්‍ය සිද්ධියක් ලෙස ඔබට පෙනි ගියද පසු කාලීනව එය මහා පෙරලියක් කළේය. එනම් අප රෝම ඉලක්කම් වශයෙන් හදුන්වන ක්‍රමයට ම්නිසා හුරුවීමයි. එක,දෙක,තුන යන වටීනාකම් ඇති ඉලක්කම් සදහා ආදි වශයෙන් සංකේත සටහන් කළ අතර ඇගිලි පහ සකේතවත් කර ලෙස යොදාගත්තේය.
මෙලෙස ඉලක්කම්වලට පුරුදු පුහුණුවෙද්දි ගණිතයේ ඇති වැදගත්කම ගැන සිතූ මිනිසා එය අංශ කිහිපයකට බෙදාගත් බව පෙනීයයි. බටහිර රටවලින් ජ්‍යාමිතය ද, චීනයෙන් අංක ගණිතයද, අරාබි සහ ඉන්දියාවෙන් වීජ ගණිතයද ලෝකයට උරුම කරදීමට පෙළඹිනි. ඊට සාධක දැන් සොයා ගෙන තිබේ.
ජ්‍යාමිතියේ අවශ්‍යතාවය මතුවුයේ බිම් මැනිම සදහා ක්‍රමයක් සෙවීමේ පලයක් ලෙසිනි ඒ සඳහා ඉංග්‍රීසියෙන් භාවිත කරන වචනය Geometrie යන්න වචනයෙන් Geo යන්න භූමිය යන අරුත දෙන ග්‍රික භාශාවෙන් බිදි ආවෙකි.
දැනට සොයාගෙන ඇති පැරණිතම ගණිත ලියැවිල්ල වූකලි අල් කෝව රිස්ව නම් අරාබි ගණිතඥයා ක්‍රි.ව.825 දි ලියු "ඉල්ම් අල් පිබ්රාල් බාල් මුකබලාන් " නම් වීජ ගණිත පොතයි.වීජ ගණිතය ඉංග්‍රීසියෙන් හදුන්වන කැටඉර යන්න එම පොතේ අල්ජබ්රාල යන වදනින් සකසා ගත් බව කියවේ.
කෙසේ නමුත් පයිතගරස්,යුක්ලීඩ්,ආකීමිඩිස් ඇතුලු එදා විසු බැබිලෝනියානු ගණිතඥයන්ගෙ බුද්ධීමය සේවාව නොවන්නට ගණිතය නම් විෂයයේ ඉතිහාස ගමව මීට වඩා බෙහෙවින් වෙනස් කතාන්දරයක් වීමට ඉඩ තිබිණි.
No comments:
Post a Comment