Tuesday, September 17, 2019

• āļœāļĢිāļ­āļēේ āļ‹āļ´āļ­

ගණිතය යනු විද්‍යාවේ රැජින යයි බටහිර වැසියෝ කියති.හෝඩි පන්තියේ සිසුවාගේ පටන් මහා විද්‍යාධරයා දක්වා කොයිකාටත් ගණිතය හා ඉලක්කම් නැතිවම බැරිය. ගණිතඥයකු වරක් ප්‍රකාශ කළ පරිදි එය දර්ශණය තරමටම ගැඹුරුය. සංගිතය තරමටම රසවත්වය.

ගණිතයේ අතීත කතාව සොයා බැලීමේදි එය මීට වසර පනස්දහසකට පමන ඉහත පැලියොලිතික යුගය දක්වා ඈතට දිවෙන්නක් බව පැහැදිලි වෙයි. ආරම්භක වකවානුවේ මිනිසාට ගණිතය පිළිබඳ අවශ්‍යතාවයක් තිබෙන්නට නැතැයි ඔබ සිතුවාද ඒ මතය වැරදි සහගතය..

මුල්ම සාධක අනුව ආදීම මිනිසාට ගණිතය අවශ්‍ය වුයේ ආහාර සොයා ගැනීම  සදහා බව පෙනේ. ඇපල් ගසක් සොයාගෙන ඔහු අතේ ඇගිලි වකුටුකරගනිමින් ඔහුටම ගෝචර වු ගණිත ක්‍රමයකින් ආහාර සපයා ගනි. පවුලේ සාමාජික සංඛ්‍යාව කොතැක්දැයි දැන සිටියද ගණිතමය වශයෙන් කීමටවත් ලීවිමටවත් ඔහු දැන සිටියේ නැත.

එක ඇපල් ගෙඩියක් කඩා ගත් පසු අතේ එක ඇගිල්ලක් වකුටු කරගන්නා අතර ඊළග ගෙඩිය කඩාගත් පසු තවත් ඇගිල්ලක් නවාගනිමින් මුලු පවුලටම සෑහෙන ප්‍රමාණය නිවැරදිව ගෙන ගියේය. සීමිත අවශ්‍යතාවන් තිබු එම යුගයේ මෙලෙස ගණිතයට හුරුවු ආදි මිනිසාට මෙහි වැදගත්කම වැටහුණේ එඬේර යුගයේදි බව සිතිය හැකි ය.

ගව,බැටලු හෝ එළුවන් ගණන් කිරීමේදි එක් එක් සතා වෙනුවෙන් ගල් කැටයක් හො ලී කැබැල්ලක් බැගින් වෙන්කර තැබීමට ඔහු පුරුදු වුයේ දෙවැනි පියවර වශයෙනි.ඊට වඩා පහසු ක්‍රමය ඉරි ඇදිම බව වටහා ගත්තේය.

ඉරි ඇදිමේ සංකේත ක්‍රමය සාමාන්‍ය සිද්ධියක් ලෙස ඔබට පෙනි ගියද පසු කාලීනව එය මහා පෙරලියක් කළේය. එනම් අප රෝම ඉලක්කම් වශයෙන් හදුන්වන ක්‍රමයට ම්නිසා හුරුවීමයි. එක,දෙක,තුන යන වටීනාකම් ඇති ඉලක්කම් සදහා ආදි වශයෙන් සංකේත සටහන් කළ අතර ඇගිලි පහ ⁣සකේතවත් කර ලෙස යොදාගත්තේය.

මෙලෙස ඉලක්කම්වලට පුරුදු පුහුණුවෙද්දි ගණිතයේ ඇති වැදගත්කම ගැන සිතූ මිනිසා එය අංශ කිහිපයකට බෙදාගත් බව පෙනීයයි. බටහිර රටවලින් ජ්‍යාමිතය ද, චීනයෙන් අංක ගණිතයද, අරාබි සහ ඉන්දියාවෙන් වීජ ගණිතයද ලෝකයට උරුම කරදීමට පෙළඹිනි. ඊට සාධක දැන් සොයා ගෙන තිබේ.

ජ්‍යාමිතියේ අවශ්‍යතාවය මතුවුයේ බිම් මැනිම සදහා ක්‍රමයක් සෙවීමේ පලයක් ලෙසිනි ඒ සඳහා ඉංග්‍රීසියෙන් භාවිත කරන වචනය Geometrie යන්න වචනයෙන් Geo යන්න භූමිය  යන අරුත දෙන ග්‍රික භාශාවෙන් බිදි ආවෙකි.

දැනට සොයාගෙන ඇති පැරණිතම ගණිත ලියැවිල්ල වූකලි අල් කෝව රිස්ව නම් අරාබි ගණිතඥයා ක්‍රි.ව.825 දි ලියු "ඉල්ම් අල් පිබ්රාල් බාල් මුකබලාන් " නම් වීජ ගණිත පොතයි.වීජ ගණිතය ඉංග්‍රීසියෙන් හදුන්වන කැටඉර යන්න එම පොතේ අල්ජබ්රා යන වදනින් සකසා ගත් බව කියවේ.

කෙසේ නමුත් පයිතගරස්,යුක්ලීඩ්,ආකීමිඩිස් ඇතුලු එදා විසු බැබිලෝනියානු ගණිතඥයන්ගෙ බුද්ධීමය සේවාව නොවන්නට ගණිතය නම් විෂයයේ ඉතිහාස ගමව මීට වඩා බෙහෙවින් වෙනස් කතාන්දරයක් වීමට ඉඩ තිබිණි.

Thursday, July 18, 2019

āļ‡āļģිāļē⎃්āļœේ " āļ‡āļģිāļēāļą්⎀ාāļ¯āļē "

ඇරියන්වාදය (Arianisma) යනු රෝමානු කතෝලික සම්මතයන්ට පටහැනි වු ක්‍රිස්තියානි ලබ්ධියකි. මෙය ඇරියන්වාදය හැටියට හැදින්වෙන්නෙ එහි නිර්මාතෘවරයා වු ඇරියස් ( Arius ) නම් පූජකයා නිසයි.

මෙම දර්ශනයට පදනම්ව ඇත්තෙ දෙවියන්ගෙ පුත්‍රයා වු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සත්‍ය වශයෙන් මවන ලද පුද්ගලයෙකු මිස, පුත්‍රයා වශයෙන් දිව්‍යමය වූවත්, දෙවියන් වහන්සේ හා සමාන පුද්ගලයෙකුවත්, දෙවියන් මෙන් සදාකාලික අයකුවත් නොවේ" ය යන්නයි.

ක්‍රි.ව. 325 දි නයිසියා ( Nicaea ) කවුන්සලය මගින් පියාත් පුතාත් එක සමාන යැයිද සදාකාලිකවම සමාන යැයි ද ඒ දෙදෙ⁣නාම එක් අයෙකු බවත් තහවුරු කොට , ඒ අනුව මේ ඇරියන්වාදය තහනම් කොට ,ඒ අනුව එහි අනුගාමිකයන් පලවා හරිනු ලැබිය.

ඇරියන්වාදයේ අනුගාමිකයන් වු බලවත් බිෂොප්වරුන් පවා සිටි නිසා මේ වාදය යලිත් වැඩිකල් නොයවාම හිස එසැවුණි. මෙම විශ්වාසය කලකට නිල වශයෙන් පිලිගනු ලැබුවත් 381 දි කොන්ස්තන්තිනෝපල් කවුන්සිලය මගින් අවසාන වශයෙන් පරාජය කරනු ලැබුවා..

Thursday, June 13, 2019

⎁්‍āļģි āļŊංāļšා⎀ේ āļ¸āļ­්āļ¯්‍āļģ⎀්‍āļē āļ´්‍āļģ⎁්āļąāļē

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේ ඉතිහාසය හා පැතිරීම

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව මෑතකාලීන සංසිද්ධියක් නොවේ.ක්‍රි.ව.1505දී ලංකාව පෘතුගීසීන් විසින්ද ඉන්පසුව ලන්දේසින් හා ඉංග්‍රිසීන් විසින්ද ආක්‍රමණය කරන ලදී. ප්‍රථමයෙන්ම පෘතුගීසි ජාතිකයන් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වා දෙන ලද අතර පෘතුගිසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුල වශයෙන් අබිං කෑමට පුරුදු වී සිටියහ.1829දී එකල සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා විසින් ශ්‍රි ලංකාවේ අබිං වගාව සංවර්ධනය කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරිම පිණිස අනුබල දෙන ලදී.මෙයට විශේෂයෙන් හේතු වූයේ වතුකරයේ සේවය කළ ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා අබිං ගෙන්වීම කරන අතරතුරදීම ලංකාවේ වගා කිරීමට උනන්දු කිරීමය.

එසේම මේ වන විට අබිං වෙළෙඳාම ක්‍රමවත් කිරිම සඳහා ලයිසන් ක්‍රමය හඳුන්වා දී තිබු අතර එමඟින් රජයට විශාල බදු ආදායමක් ලැබුණි.ක්‍රමයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ අබිං කෑම සමාජ ප්‍රශ්නයක් ලෙසින් ගැටලු මතු වීමට පටන් ගත් නිසා මේ සම්බන්ධයෙන් 1867 අංක 19 දරන අබිං සහ කංසා ආඥා පනත පනවන ලදී.

1930 ගණන් වන විට ශ්‍රි ලංකාවේ වැඩියෙන්ම භාවිතා කළේ අබිං සහ ගංජාය. 1929 දී ගංජා සහ විෂ මත් වර්ග වලට අන්තරායකාරී මත් ද්‍රව්‍ය ඒකාබද්ධ පනතක් ඉදිරිපත් කළේ මේවායේ භාවිතය ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් තිබුණ නිසාය.1948 වන විට ශ්‍රි ලංකාවට නාමික නිදහස ලබා දී තිබු නමුත් විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1955 වන තෙක්ම උත්සාහ නොගෙන තිබුණි. එකල බොහෝ පිරිස් ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස අබිං ප්‍රවාහනය කොට වෙළෙඳාම් කරන ලද අතර ලංකාවේ වෙළෙඳසැල් වලින්(කලුකඩ) අබිං වැඩි මිලකට මිලදී ගැනීමට හැකි විය. සිංහල ආයුර්වේද වෛද්‍යවරුන්ටද කලුකඩ තුළින් තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට සිදු විය.19 වෙනි සියවස අගදී සහ 20 වෙනි සියවස මුලදී අබිං වලට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට තරම් මෙම මත්ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍ර විය.

1955 වර්ෂයෙන් පසු කිසිදු සංශෝධනයක් කර නොතිබුණු විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග පනත මඟින් සංශෝධනය කරන ලදී.1984 අංක 11 දරණ අන්තරායදායක ඖෂධ පාලනය කිරිමේ ජාතික මණ්ඩල පනත නමින් වු පනතක් මඟින් අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය පිහිටුවන ලදී.

ශ්‍රී ලංකාවේ මෑතක් වන තූරුම මත් ද්‍රව්‍ය උවදුරෙහි ප්‍රධාන මත් ද්‍රව්‍ය වශයෙන් ගංජා සහ අබිං සැළකිය යුතු වුවද, 70 දශකය අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතයද ආරම්භ විය. එය ප්‍රධාන වශයෙන්ම විදේශීය සංචාරකයන් ගැවසෙන කොළඹ, හික්කඩුව වැනි ප්‍රදේශ වලට සීමා වුවද වර්තමානය වන විට මෙහි භාවිතය වර්ධනය වී අනෙක් පාරම්පරික මත් ද්‍රව්‍ය හා සම තත්වයට පත්ව ඇත.

මත් ද්‍රව්‍ය ප්‍රශ්නයේ වර්ධනය

මේ සඳහා බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැළකිය හැක්කේ 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. මත් ද්‍රව්‍ය ප්‍රශ්නය නව මුහුණුවරකින් වර්ධනය වූයේත් තවත් ප්‍රබල සමාජ ආර්ථික ප්‍රශ්න රාශියක් හට ගත්තේත් මෙම විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ අනියම් දායාද ලෙසයි. මේ යටතේ ආනයන හා අපනයන සීමාවන් ලිහිල් කිරීම නිසා ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාමත්, පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වලට අවසර ලැබීමත් නිසා නොයෙකුත් නීති විරෝධී ජාවාරම් මඟින් මුදල් ඉපයීමට බොහෝ අය තැත් කර ඇත

මේ හා සම්බන්ධව මෙම ප්‍රශ්නය වර්ධනය වීමට බලපෑ තවත් හේතුවක් ලෙස දැක්විය හැක්කේ ශ්‍රි ලංකාව පිහිටා ඇති ස්ථානයයි. එනම් අවාසනාවකට මෙන් ලංකාවට ආසන්න ප්‍රදේශ දෙකක් ලෝකයටම විෂ මත් ද්‍රව්‍ය නිපදවන කලාප දෙකක් වීමයි.එනම් නැගෙනහිර දෙසින් ස්වර්ණමය ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන (ලාඕසය, තායිලන්තය, බුරුමය) කලාපයද, බටහිරින් ස්වර්ණ චන්ද්‍රවංකය ලෙස හැඳින්වෙන (ඇෆ්ගනිස්ථානය,ඉරානය, පකිස්ථානය) කලාපය යන දෙකය. ශ්‍රී ලංකාව මෙම කලාප දෙකටම මැදින් පිහිටා තිබීම මත් ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමට හේතුවක් විය.

මත් ද්‍රව්‍ය ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරයද බෙහෙවින් වග කිව යුතුය. සංචාරක ව්‍යාපාරය තුළ පවතින ලි‍හිල් භාවය , එය මේ රටේ මත් ද්‍රව්‍ය භාවිතය වැඩි වීමට උපයෝගි වන මාධ්‍යයක් බඳුය. මෙම සංචාරකයෝ ජාත්‍යන්තරව මත් ද්‍රව්‍ය ප්‍රවාහකයන් ලෙස කටයුතු කිරීම නිසා පහසුවෙන් ලංකාවට මත් ද්‍රව්‍ය රැගෙන එති. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නාරිගම, හික්කඩුව, උනවටුන, නැගෙනහිර වෙරළේ පාසිකුඩා,කල්කුඩා,අරුගම්මේ වැනි සංචාරක ප්‍රදේශ වලත් මත් ද්‍රව්‍ය වලට යොමු වී ඇති තරුණ ‍කොටස් වල සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වී තිබේ.

ජාත්‍යන්තර ගමන් බිමන් 1978න් පසු සීග්‍රයෙන් ඉහළ යාමද මෙම ප්‍රශ්නය වර්ධනය වීමට බලපා ඇති තවත් හේතුවකි. විදේශිකයන් බහුල වශයෙන් ලංකාවට පැමිණීම හා ලාංකිකයන් රැකියා අවස්ථා සඳහා විදේශ ගත වීම හා ආපසු ඒම මෙම ගණයට වැටේ. මැද පෙරදිග සේවය කරන ඇතැම් ලාංකික කාන‍්තාවන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදවා ගනී. ඇමෙරිකාවේ මාපියා, කටෝරා ආදී සංවිධාන ලංකාවේ මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බව විශ්වාස කළ හැකිය. ශ්‍රී ලංකා‍වේ පවතින ත්‍රස්වාදී කටයුතුද මෙම ප්‍රශ්නය උග්‍ර වීමට බලපා ඇත. මොවුන් ජාත්‍යන්තර ත්‍රස්වාදයට සම්බන්ධ වී නවීන අවි ආයුධ මිලයට ගැනීමටත් වෙනත් අවශ්‍යතාවන් සඳහාත් මුදල් සෙවීම සඳහා හොඳම මාර්ගය කරගෙන ඇත්තේ මත් ද්‍රවශ ජාවාරම් වල යෙදවීමයි.යුරෝපා මත් ද්‍රව්‍ය නාශක ඒජන්සිය ශ්‍රි ලංකාවට වාර්තා කර ඇති අන්දමට, 1986 අප්‍රේල්, මැයි මාස වලදී පමණක් ඩොලර් 40,000,000 වටිනා මත් ද්‍රව්‍ය තොග සමඟ ශ්‍රී ලංකා ජාතිකයින් 80 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත. 80 දශකය තුළ පමණක් ශ්‍රී ලංකාවේ දෙමළ 200කට මත් ද්‍රව්‍ය චෝදනා පිළිබඳ‍ව යුරෝපීය රට වලදී නඩු පවරා ඇත. 

මත් ද්‍රව්‍ය භාවිතය සමාජ ප්‍රශ්නයක් ලෙස

සමාජය තුළින් උපත ලබා මුලු සමාජයටම අහිතකර ලෙස බලපෑම් කරන්නා වූද, වැඩි දෙනෙක් තුළ නිරතුරු අවබෝධයක් ඇත්තා වූද, එකී අහිතකර සමාජ වාතාවරණය වෙනස් කිරී‍‍‍මේ ඕනෑකමක් ඇත්තා වූද , ගතික සිදුවීම් මාලාවක් සමාජ ප්‍රශ්නයක් වෙයි.මෙයට අනුව මත් ද්‍රව්‍ය භාවිතයද සමාජ ප්‍රශ්නයක් වී ඇත. ශ්‍රී ලංකාවේ හෙරොයින් වලට ඇබ්බැහි වූ ප්‍රමාණය 50,000ක් පමණ අධික ප්‍රමාණයක් සිටින බව පර්යේෂණ මඟින් හෙළි වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 18-30ත් අතර වයස් කාණ්ඩයට අයත් බව ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි. පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය දක්වන පරිදි 1993 වර්ෂයේදී විදේශ මත් ද්‍රව්‍ය වෙළෙඳ පළේදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය පැහැදිලි කර ගත හැකිය

කැනඩාව 02-03කි.ග්‍රෑම්. 347 ග්‍රෑම් 7-හෙරොයින්

ඉන්දියාව 10-10කි. ග්‍රෑ.612 ග්‍රෑ. -හෙරොයින්

ඉතාලිය 01

මාලදිවයින 14500 ග්‍රෑ. 5 මි.ග්‍රැම් 5-හෙරොයින්

මත් ද්‍රව්‍ය භා‍විතය නිසා පැන නගින සමාජ ප්‍රශ්න අතර සිය දි‍‍වි නසා ගැනීම ප්‍රබල සංසිද්ධියක් ලෙස දැක්විය හැකිය. මත් ද්‍රව්‍ය භා‍විතයෙන් පසුව ඇතිවන මානසික විකෘති‍යෙන් පුද්ගලයා සිය දිවි නසා ගැනීමට ‍පෙළඹිය හැකිය. මත් ද්‍රව්‍ය භාවිතය නිසා මරණයට පත් වීම හෝ අකර්මණ්‍ය තත්වයට පත් වුව හොත් ප‍වුල තුළ පැන නගින ගැටලු අතිමහත්ය. මූලික පවුල යන සංස්ථාව බිඳ වැටිය හැකිය. එය පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායි කරුණකි. එසේම වර්තමාන‍යේදී ශ්‍රී ලංකාව තුළ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන කාන්තා ප්‍රතිශතය ඉහළ යමින් පවතී. පහත සඳහන් සංඛ්‍යා ලේඛන තුළින් එය අවබෝධ කර ගත හැකිය.(මූලාශ්‍රය- බන්ධනාගාර දෙපාර්තමේන්තුව 1993)

වර්ෂය  සහ කාන්තාවන් ගණන

1988 = 2208
1989 = 1943
1990 = 3272
1991 = 3870
1992 = 4311

මෙම තත්වය නොයෙකුත් ප්‍රශ්න ඇති වීමට ‍හේතු වේ. 1996 වර්ෂය සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ පාලන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ පරිභෝනය කරන ලද රට බීම ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා විස්තර පහත දැක්වේ.

මත්පැන් වර්ගයපරිභෝජනය කරන ලද ප්‍රමාණය  (ලීටර් වලින්)

ධාන්‍ය මත්පැන් 17,897,332,640 22

බ්‍රැන්ඩි 663,427,5253

රම් 24,440,6154.

සයිඩර් 168,9005

අරක්කු 45,323,766,678

විස්කි 122,218,805

මෙම දත්ත ‍වලට අනුව වර්තමාන සමාජය තුළ මත්පැන් පරිභෝනය කෙතරම් ඉහළ මට්ටමකින් පවතින්නේදැයි පැහැදිලි වේ.අනෙක් අතට රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් මෙම මත් ද්‍රව්‍ය ගැටලුව නිසා විනාශ වී යයි. විශේෂයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් විර්ෂිකව පිටරට වලට ඇදී යයි. සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නඩත්තු කිරීමේ නිලධාරීන්ට වැටුප් ගෙවීම, නඩු කටයුතු සම්බන්ධ අධිකරණ වියදම් හා මත් ද්‍රව්‍ය නාශක කටයුතු සඳහා පොලීසියට හා ආරක්ෂක අංශ සඳහා වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම සමාජ ප්‍රශ්නයක් වන්නේය.දුම් බීම සම්බන්ධයෙන්ද සමාජ ප්‍රශ්න ගණනාවක් පැන නැගී ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට සිගරට් දුම ආශ්‍රිත ලෙඩ රෝග වලින් වසරකට මිලියන 2.5ක පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් ජීවතක්ෂයට පත් වේ.මේවා අතර හදවත් රෝග,පිළිකා,සිරෝනික් සහ එම්ෂසීමා යන රෝග බහුල වේ...

මත් ද්‍රව්‍ය උවදුර පිටු දකින්නේ කෙසේද?

* ආගම මඟින් ඉටු විය යුතු කාර්යභාරය ලෙස අප අදහස් කරන දෙය හරියාරව ඉටු කිරීමට හැකි සමාජික පසුබිමක් මෙරටේ ගොඩ නැගීම. * තරුණයින් තුළ ගුණාත්මක සංවර්ධනයක් සඳහා අධ්‍යාපනික අවස්ථාව සලසා දීම. * පුනරුත්ථාපනය සහ පසු විපරම. * විවිධ සංවිධාන මඟින් උපදේශන සේවා දියත් කිරීම.

මෙහිදී මූලික පියවරක් විය යුතුවන්නේ, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත් පැන් හා දුම්පානය කිරීමෙන් ඇති විය හැකි හානිකර අනිෂ්ට ඵල විපාක පිළිබඳ තොරතුරු නොයෙක් ආකාරයෙන් ප්‍රකට කිරීමයි. දේශනා මගින් හා සාකච්ඡා සමුළු පැවැත්වීම මගින්, පාසල් සිසුන්ට මේ ගැන අවබෝධයක් ලබාදිය හැකි ය.

වැඩි වැඩියෙන් බදු අය කිරීමෙන් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය සහ දුම් පානය අඩුකළ හැකි යැයි ඇතැමෙක් කල්පනා කරති.එය තරමක් දුරට එසේ විය හැකි ය.එහෙත්, එවිට සමහර අය, වඩාත් අහිතකර ද්‍රව්‍ය භාවිතයට පෙළෙඹෙත්. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ නීතිමය මැත්පැන්වල මිල ඉහළ යනවිට, නීති විරෝධී (විස මිශ්‍ර) කසිප්පු නිෂ්පාදනය ද ඉහළ යන්නේ ය. මෙම බීම නොයෙක් තැන්වල පහසු මිලට ලබා ගත හැකි ය. මේවායින් සිදුවන හානිය හා අනිටු විපාක මහජනායා ට, විශේෂයෙන් කුඩා අයට පහදා වටහා දුනහොත් මත්ද්‍රව්‍ය හා මත්පැන් සොයා යෑම ක්‍රමයෙන් පහත වැටෙනු ඇත.

මේ සඳහා ඵලදායී සක්‍රීය පියවර හැකි පමණ ගැනීම ඕනෑම රජයක මූලික වගකීමකි. නිදසුනක් වශයෙන්, ප්‍රාථමික මට්ටමේ සිට සිසුනට මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකි වැඩසටහන් පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්නැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව ට බල කර සිටිය හැකි ය. සිසුන් ගේ නො බිඳෙන අවධානයක් ලැබිය හැකි තරම ට මෙම වැඩ සටහන් ආකර්ෂවත් හා බලවත් විය යුතුය.මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් සිදුවිය හැකි හානිය දැඩි ලෙස පිළිබිඹු වනසේ මේවා සකස් විය යුතුය.

නමුත් දැන් සිදුවන්නේ මෙහි අනික් පැත්ත ය. වර්තමානයෙහි කොම්පියුටර්, අන්තර්ජාලය, පුවත්පත්, සඟරා හා සිනමාව ආදී විවිධ ජනමාධ්‍ය මගින් කුඩා අයගේ දෙනෙතට ඉතා අධිකව හා බලවත් ලෙස ඉදිරිපත් කරන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා සිගරැට් ආදිය පිළිබඳ සුබ වාදයයි. මේ භයානක උවදුරෙන් අපේ දරුවන්; අපේ අනාගත පරපුර ගලවා ගැනීම, රජයේ පරම යුතුකම හා වගකීම විය යුතු ය.


āļ¸āļ­්āļ¯්‍āļģ⎀්‍āļē

මොළයේ ක්‍රි‍යාකාරිතවය කෙරේ බලපාන සහ මොළයේ සාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වය වෙනස් කරන නීති විරෝධී ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස නීතියෙන් සැලකේ. මරිජුවානා හා බ්‍රවුන් ෂුග' (පිරිපහදු නොකළ හෙරොයින්), වැනි දේවල් ද උද්‍රහරණ ලෙස දැක්විය හැක.පාලනයක් ඇතිව සීමිතව භාවිතා කරන ඛෙහෙත් ද්‍රව්‍යයන් වන මෝෆින් වැනි වේදනානාශකවල ද වෙයි.හෙරොයින් වලින් ලබා ගන්නා දෑ අඩංගුය.ෆාමසි වලින් ලබා ගන්නා වේදනා සමනක,සිත සන්සුන් කරවන සුළුඛෙහෙත් ද්‍රව්‍ය ද මෙම ගණයට අයත් වෙයි.බොහෝ සංස්කෘතින් තුළ ඊට ආ‍වෙණික වූ සුවිශේෂී වූ මත්ද්‍රව්‍ය ඇත.දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම ද්‍රව්‍ය ආගමික හා විනෝද කටයුතු සඳහා ද භාවිතා කරයි.

මත්ද්‍රව්‍ය භාවිතය

මෙයින් අදහස් කරන්නේ මත්ද්‍රව්‍ය ලෙස අර්ථ නිරූපණය කර තිඛෙන ද්‍රව්‍යයන් ඔනෑම විනෝදාත්මක පර්යේෂණාත්මක හෝ වෛද්‍යමය අරමුණක් සඳහා භාවිතා කිරීමයි.මෙ අනුව සෑම දෙනාම පාහේ සිය ජීවිතයේ කිසියමි කාලයකදී හෝ අවස්ථාවකදී මත්ද්‍රව්‍ය භාවිතා කර තිඛෙන්නට පුළුවන.නිදි කිරා වැටීම වැළැක්වීමට ද ශරීරය ප්‍රාණවත්ව තබා ගැනීමට ද අපි කෝපි පානයකරමු.බුලත් කෑමට දූම්කොළ භාවිතා කරයි.එසේ නැතහොත් වෛද්‍යමය හේතූන් මත ‍මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙන ද්‍රව්‍යයන් නියම කර භාවිතා කිරීම සිදූවෙයි .

මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම

මත්ද්‍රව්‍ය ශරීරයට ඒන්නත් කර ගැනීම

මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම පදනම් වන්නේ ඒවා භාවිතා කිරීම සඳහා අප විසින් අනුගමනය කරනු ලබන පිළිවෙලයි.මත්ද්‍රව්‍ය සියල්ලම වාගේ සමාජීය වශයෙන් පිළි ගැනීමට පාත්‍ර වන අතර වෛද්‍යමය වශයෙන් විඳ දරා ගත හැකි ආරක්ෂා සහිත ප්‍රමාණවලින් පරිහරණව කළ හැකි වුවද,මෙම සීමා වලින් බැහැර වීම නිසා වෛද්‍යමය,සමාජයීය,මනෝවිද්‍යාත්මක හා නෛතික ප්‍රශ්නවලට මඟ සැලසේ.අනිසි ලෙස මත්ද්‍රව්‍ය පරිහරණව යනු මෙයයි.පුද්ගලයෙකු අත්හදා බැලීමක් ලෙස සෙමින් සෙමින් නිතිපතා භාවිතා කරන විට හුරුපුරුදු වීම නැතහොත් වෛද්‍යවරයෙකු විසින් නියම කරනු ලබන මත්ද්‍රව්‍යක් එබඳු නිර්දේශයක් හෝ වෛද්‍යමය අවශ්‍යතාවයකින් තොරව භාවිතා කිරීම ද අනිසි ලෙස පරිහරණය කිරීමකි.මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට බලපෑම් කරන සාධක අතර පුද්ගලයා,මත්ද්‍රව්‍ය වර්ගය සහ භාවිතයට අදාළ සමාජ සංස්කෘතික සන්දර්භය වෙයි.පුද්ගලයා මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට යොමු වන්නේ මත්ද්‍රව්‍ය හා එහි බලපෑම පිළිබඳ විශ්වාසයන් ද ,මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතුවන පුද්ගලයාගේ භාවික තත්ත්වය ද , පීඩාකාරී අවස්ථාවලට මුහුණ දීමේ උපක්‍රම හා ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රශ්න ද හේතු වෙයි.අනිසි ලෙස භාවිතය රඳා පවතින මත්ද්‍රව්‍ය වර්ගය සහ එහි බලපෑම් වන්නේ එම ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණය සහ පිරිසිදු බව තනි ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යයන් ගණනාවක සංයෝජනයක් ලෙස භාවිතා කිරීමයි.අයථා පරිහරණයට අදාළ සමාජ සංස්කෘතික සන්දර්භයන්වලින් ද මෙ සඳහා ඉඩ ප්‍රස්ථා සැලසේ.ඒ යටතේ මත්ද්‍රව්‍ය සපයා ගැනීමට හා මිලට ගැනීමට හැකියාව,ද්‍රව්‍යයේ නෛතික තත්ත්වය,මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් වන සැටි,භාවිතය පිළිබඳ පොදු විශ්වාසයන්,අගය කරන කණ්ඩායම්,සමාජ තත්ත්වය පීඩාකාරී තත්ත්වයන් හා ස්ත්‍රී පුරුෂභාවයට අදාළ ගැටළු වෙයි.

මත්ද්‍රව්‍යවලට පුද්ගල ඇබ්බැහි වීම

කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම යන්නෙන් අදහස් වන්නේ වෛද්‍යමය,සමාජයීය හා නෛතික ප්‍රතිඵල කුමක් වුවද,ඒ ගැන නොතකා අදාළ මත්ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම භාවිතා කිරීමට යොමු වීමයි.අදාළ චර්යා වෙයි නියැලීම අනිවාර්ය යන හැඟීම,චර්යාව පාලනය කර ගැනීමට ඇති හැකියාව හීන වීම, චර්යාව නැවැතැවු විට ඇතිවන සිත් ‍වීදනාව හා එම චර්යාව නිසා අයහපත් ප්‍රතිඵල උද්ගත වන බව සනාථ කෙරෙන සාක්ෂි තිබුණ ද,දිගින් දිගටම එම චර්යාවෙහි නිරත වීම ඇබ්බැහි වීමේ මෙහි ප්‍රධානතම ලක්ෂණයකි.දුම් නොබොන මිත්‍රයන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ විරුද්ධත්වය නොතකා සිගරටි බීමට පුරුදු වූවෙකු මොවුන්ය.මෙවැනි ප්‍රශ්න ඇතිවන ආකාරයට මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතයට ඇබ්බැහි වූවන් සමාජය විසින් ලේබල් කිරීම සිදුවෙයි.එනම් බේබද්දා,කුඩුකාරයා,සිගරටි පිස්සා ලෙසයි.

සහිෂ්ණුතාවය

කිසියමි පුද්ගලයෙකු සිරිතක් වශයෙන් මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නට වූ කළ කායික ක්‍රියාවලියේ දී එම මත්ද්‍රව්‍යය ශරීරය තුළ රුඳි තිබීමට ඉඩ සැලසෙන පරිද්දෙන් ශරීරය ද අනුවර්තනය ද විම ආරමිභ වෙයි.එම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙි ප්‍රමාණය වැඩිවන තරමට ඒ සඳහා ශරීරය විසින් කරනු ලබන අනුවර්තනය ද විශාල වෙයි.මත්ද්‍රව්‍ය වලින් අපගේ මොළයේ ස්වභාවිකව නිපදවෙන ඇතැමි රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය අක්‍රිය කරවයි.ඒ අනුව මෙකී රසායනික ද්‍රව්‍යවල ස්වභාවික නිෂ්පාදන ප්‍රමාණය හා ක්‍රියාකාරිත්ව හැකියාව අනුක්‍රමයෙන් හීන වී යයි.ඒ හේතුව මත අදාළ මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයකින් හෝ ඉදහිට භාවිතයෙන් ලබා ගත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සදහා ඇබිබැහි වූවන්ට වඩාත් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නිරතුරුව ම ගැනීම අවශ්‍ය වෙයි .මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ කිසියමි මත්ද්‍රව්‍යයකට සහිෂ්ණුතාවය වර්ධනය වීම ලෙසින්ය.ඇතැමි මත්ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරෙහි සීඝ්‍රයෙන් සහිෂ්ණුතාවය වර්ධනය වෙයි.උදා-නිකොටින්,දුඹුරු සීනි,එමෙන් ම මත්පැන් වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙම ප්‍රතිඵලය ඇතිවනුයේ වඩාත් සෙමෙන්ය.

රැඳි පැවැත්ම

කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබිබැහි වීමේ ලක්ෂණ හා චර්යාවන් මිනිසුන් වෙතින් ප්‍රදර්ශනය වන්නට පටන් ගත් කළ ඔවුන් එකී මත්ද්‍රව්‍ය මත රැඳි සිටීමට පටන් ගනියි.කිසියමි මත්ද්‍රව්‍යයන් භාවිතය මත කායික (භෞතික)හෝ මානසික වශයෙන් මිනිසුන් රැඳි සිටීමට පුළුවන.එ මගින් අදාළ පුද්ගලයා බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා බොහෝ කාලයක් අපතේ යවමින් හෝ ඒවායේ භාවිතයෙන් පසු පැන නගින කායික මානසික ප්‍රතිඵල වලට මුහුණ දෙමින් සිටීමට හැකිවෙයි .ශාරීරික සෞඛ්‍ය පිරිහීමට පුළුවන.පවුලේ සාමාජිකයන් හෝ යහළු මිත්‍රාදින්ගේ නොසලකා හැරීමට භාජනය වෙයි.නැත්නමි ඔවුන්ට අක්‍රෝෂ පරිභව කරමින් සිටියි.මෙහි ප්‍රතිඵලයක් ලෙස හිතවත් පිරිසගෙන් හුදකලා වීම හා දුරස් වීම සිදුවෙයි.මත්ද්‍රව්‍ය භාවිතය නිසා රැකියා අහිමි වීමට ද ඉඩ ප්‍රස්ථා උදා වෙයි.මෙකී ගැටළු මත පුද්ගලයා තුළ උද්ගත වන මානසික අවපීඩන තත්ත්වයෙන් තාවකාලික සහනයක් ලබා ගැනීමට පුද්ගලයා මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිතය කරා යොමු වෙයි.මෙසේ ඇබ්බැහි වීම මත්ද්‍රව්‍ය මත යැපීම,නැත්නම් රැඳි පැවැත්ම නම් වෙයි.එමගින් පුද්ගලයාට ශාරීරිකවද මානසිකවද ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙයි.

කායික හා මානසිකව ඇතිවන බලපෑම

මත්ද්‍රව්‍යය භාවිතා කළ කාල පරිච්ඡේදය භාවිතා කළ ප්‍රමාණය අනුව පුද්ගලයා වෙත වන බලපෑම් ද වෙනස් වෙයි.ඇතැම් බලපෑම් ක්‍ෂණිකය.කෙටි කාලීනය.දිගු කාලයක් පුරා අනිසි ලෙස පරිහරණය කර තිබීමෙහි ප්‍රතිඵලයක් ලෙස බලපෑම් පැන නගියි.ඇතැමි බලපෑම් තාවකාලිකය.එම බලපෑම් රඳා පවතින්නේ ද්‍රව්‍ය භාවිතා කරන කාලය තුළ දී පමණි.අනෙක් අතට තවත් සමහර ද්‍රව්‍ය භාවිතය අතහැර දමා තිබීමෙන් පසුව වූවද යළිත් උද්ගත වන්නට ඉඩ තිඛෙයි.මෙම බලපෑම් මානසික හා කායික බලපෑම් යනුවෙන් දෙවර්ගයකට වෙන් කර හඳුනා ගත හැකිය.

මනස තුළ ඇතිවන බලපෑම්

මතක ශක්තියට හානි පැමිණීම.සමීපූර්ණ සිහි බූද්ධියට හානි පැමීණීම.කෙටි කාලීනව අමතක වන සූළු ගතිය.විනිශ්චය හා තීරණවලට එළඹීමෙහි හැකියාවට බාධා පැමීණීම.සංවෙදනාවන්ට බාධා පැමිණේ.අභිප්‍රේරණ ගැටළු මතු වෙයි.ආක්‍රමණශීලී ප්‍රවේගකාරී සිතුවිලි ඇති වීම.තදින් කලබල වීම/නොසන්සුන්කම/නොරිස්සුමි ගතිය/ආවෙගශීලීත්වය/කෝපය හා තරහින් නිතර පසු වීම.නින්දට බාධා ඇති වීම.අදහස් විරහිත බව.සිත එක එල්ලය තබා ගැනීමෙ අපහසුතාවය.ඉචිඡාභංගත්වයට පත් වීම.උත්සුක බව /මානසික පීඩනය /අවපාතය.මානසික රෝග උද්ගත වීමේ අවධානය.හුදකලා වීම ,දුරස් වීමට ප්‍රිය කිරීම.

ශාරීරිකව ඇතිවන බලපෑම්

අක්මාව වකුගඩු හා මොළයට ආශ්‍රිතව ඇතිවන බලපෑම්.හෘදය හා පෙනහලූ ආශ්‍රිත රෝග උදා,ස්වසන රෝගඒඩීස් හා සෙංගමාලය බී සහ සී වැළදීමෙ අවධානම.අධ්‍යාතතිය.ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වීම.බඩගිනින /කෑම අරුචීය.සිහි නැතිව යාමෙ හා මිය යෑමේ අවධානම.තිගැස්ම.විකාරයෙන් නන් දෙඩවිම.ලිංගික අප්‍රාණිකත්වය.

තමන් සමඟ හා සෙසු අය සමඟ පවත්නා සමිබන්ධතාවලට වන බලපෑම්

දැඩි ලජ්ජාව වරදකාරී හැඟීම්.ආත්ම ගෞරවහ නැතිවීම.පාලන බලය විරහිතබව හා අසරණ වූ බවට ඇතිවන හැඟීම.ප්‍රශ්නයක් ඇතිබව ප්‍රතික්ෂේප කිරීම.පවුලේ සාමාජිකයන් සමඟ පවත්වන සබඳතා අඛණ්ඩව සිදු නොවීම.පවුලෙන් හා හිතමිතුරන්ගෙන් දුරස්ථ වීම.පවුලේ සාමාජිකයන් නොසලකා හැරීම.අඹුසැමියන් අතර ගැටුම් ඇතිවීම.පවුලේ ප්‍රශ්න නිසා නිතරම ගේ දොර අඩදබර බහුල වීම.නිවස තුළ කායික හා ලිංගික ප්‍රචණ්ඩත්වය පැන නැඟීම.පවත්නා තත්ත්වය පීළිබඳ පිළිකුලක් කෝපයක් හා අසරණ බවක් පවුලේ සාමාජිකයන් තුළ පැන නැගීම.මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වූ විට සෙසූ සාමාජිකයන්ගේ අවශ්‍යතා පරිපූර්ණ කිරීමෙහි නොහැකියාව.මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පීළිබඳ අවිශ්වාසය නොරිස්සුම ලජ්ජාව පැන නැගීම.සේවයට නොපැමිණීම,කාර්යයයේ අදක්ෂබව,අකාර්යයක්ෂමතාවය හේතුවෙන් රැකියාව අහිමිවීම ද සිදුවිය හැකිය.මත්ද්‍රව්‍ය පීළිබඳ වැරදි හේතුවෙන් සිර ගත වීමට ද හැකිය.

මුදා ගැනීම

කිසියමි මත්ද්‍රව්‍යයක් භාවිත කිරීම අනුක්‍රමයෙන් අඩු කිරිම හෝ එය භාවිතා කිරීමෙන් මුළුමනින්ම මුදා ගැනීම අත්හැර දැමීමට සැලැස්වීම යන්නෙන් අදහස් වෙයි.මෙම ක්‍රියාවලිය හා බැඳී පවත්නා මනෝ විද්‍යාත්මක හා භෞතික ලක්ෂණ මුදා ගැනීමෙහි ලක්ෂණ ලෙස අර්ථකතනය කළ හැකිය.මෙම ලක්ෂණ රඳා පවතින්නේ ඒ ඒ නියත මත්ද්‍රව්‍ය මතය.නිදසුන් ලෙස,දුඹුරු සීනි හා මත්පැන්වලින් වැළකී සිටීම නිසි උණ,සීතල,ගැස්ම,වමනය,මස්පිඩු පෙරළීම, හිසරදය,පාචනය හා තදබල වේදනා පහළ වීමට ඉඩ තිඛෙයි.ගංජා භාවිතය නැවැත්වීම නිසා නිනිදට බාධා ඇති වෙයි.එනම් නින්ද නොයාම,නපුරු හීන පෙනීම ආදියයි.තවද ආහාර අරුචිය,උද්දීපනය,ව්‍යාකූලතා,දහඩිය දැමීම,හැඩීම,උණ හා සීතල ද,අද්භූත හීන පෙනීම වැනි ලක්ෂණ පහළ වීමට ඉඩ තිඛෙයි.මත් ද්‍රව්‍යය භාවිතය නැවැත්වීම නිසා පැන නගින ලක්ෂණවල තීව්‍රතාව රදා පවතින්නේ සහිෂ්ණුතා මටිටම මතය.අඩු නිරීම හෝ නවත්තා දැමීම දිගින් දිගටම පවත්වා ගෙන යන විට නිශ්චිත කාලයක් තුළ ඉතා උග්‍ර අතට හැරී අනුක්‍රමයෙන් අඩුවී ගොස් අදාළ මත්ද්‍රව්‍යයේ බලය විරහිත වන විට ඒ අනුව ශරීරය යළි හැඩ ගැසෙන්නට පටන් ගනියි.ඒ අනුව මෙකී තීව්‍ර ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් සෙමෙන් අතුරුදහන් වී යයි.

• āļœāļĢිāļ­āļēේ āļ‹āļ´āļ­

āļœāļĢිāļ­āļē āļēāļąු ⎀ිāļ¯්‍āļēා⎀ේ āļģැāļĸිāļą āļēāļēි āļļāļ§āˇ„ිāļģ ⎀ැ⎃ිāļēෝ āļšිāļēāļ­ි.⎄ෝāļŠි āļ´āļą්āļ­ිāļēේ ⎃ි⎃ු⎀ාāļœේ āļ´āļ§āļą් āļ¸āˇ„ා ⎀ිāļ¯්‍āļēාāļ°āļģāļēා āļ¯āļš්⎀ා āļšොāļēිāļšාāļ§āļ­් āļœāļĢිāļ­āļē ⎄ා āļ‰āļŊāļš්āļšāļ¸් āļąැāļ­ි⎀āļ¸ āļļැāļģිāļē. āļœ...