Tuesday, March 5, 2019

āļģා⎀āļĢා āļģāļĸු āˇƒāˇ„ āļŊංāļšාāļ´ුāļģāļē - āļ­ෙ⎀āļą āļšොāļ§āˇƒ

මහා වෙදැදුරු රාවණ - 01

සෘෂි වෛද්‍ය පරම්පරාවකට අයත් රාවණ කුමරු මහා වෙදදුරෙකි.තම දැනුම අනුන්ගෙ ප්‍රයෝජනය සදහා ග්‍රන්ථ වශයෙන් සංග්‍රහ කිරීමට ඔහු ක්‍රියා කර ඇත. රාවණ රජු මිත්‍යාවක් බව කියාපෑමට රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් 2010/07/17 දින විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් කිහිප දෙනෙකු ද සමඟ මහා සම්මන්ත්‍රණයක් පැවැත්විය.

නිවැරදි දැනුම යනු පාසලේ ගුරුවරුන් ගෙන්,පතපොතින්,මාධ්‍යය තුළින් ලබන දැනුම නොවේ. ඒ සියල්ල අනුන්ගෙ දැනුම වේ. දැනුම ද නිර්මාණයක් වේ.රාවණ රජු තම මූලික වෛද්‍ය දැනුම ගුරුවරුන් ඇසුරෙන් ලබාගත් අතර පසුව තමා ම සමාධිය තුලින් පූර්ණ දැනුම ලැබුවා විය යුතුය. පුරාණ සෘෂිවරුන් ගේ ක්‍රමය එය වන අතර  සෘෂි භාෂිතය නිවැරදි ලෙස පිළිගැනුණේ එ බැවිනි. බුදුන් වහන්සේද සර්වඥතා ඥාණය ලබාගත්තෙ සමාධිය තුළින් හා නිසසල මනසින් යුතුව  බව තම පළමු දේශණාව වන ධම්මචක්ඛපවත්තන සූත්‍රයේ සඳහන්ය.

මිනිස් සිරුරේ ස්වභාවය වා,පිත්,සෙම් යනුවෙන් කොටස් 3 ට වර්ගීකරණය කරන ලදුව රෝග සදහා ප්‍රතිකාර කිරීමේ ක්‍රමය සොයාගත්තෙ රාවණ රජුගෙ සීයා වන පුලස්ති සෘෂි විසින් බව ' සුශ්‍රැත ' නම් සංස්කෘත වෛද්‍ය විද්‍යා ග්‍රන්ථයේ සදහන් ය. මිනිසෙකු අතින් නොමියෙන බවට මහා බ්‍රාහ්ම ගෙන් වරයක් ලබාගැනිම සදහා රාවණ කුමාරු "ගෝකන්නයෙහි" ( වත්මන් ත්‍රිකුණාමලය ) වසර 3 ක් උග්‍ර තපස් කරන ලද බවක් රාමායණය පවසයි.
භෞතික ශරීරයේ මෙන්ම මනසේද ශක්තිය තේරුම් අරන් සිටි බව ඉන් වැටහේ..

රාවණ රජු මහා වෙදදුරෙකු වන්නෙ නාඩි හා ත්‍රිදෝෂ  ඇසුරෙන් රෝග පරික්ෂාව, ශාඛ ප්‍රතිකාරවලින් රෝග සුව කිරීම, කලතබා ගන්නා අර්ක,(පේරූ බේත්) පිළියෙල කිරීම.,පත්‍යාපත්‍ය ආහාර පරිභෝජනය තුළින් නිරෝග බව ලබාගැනීම,වෛද්‍ය ආචාර්යවරු ධර්ම,විශේෂ ළමා රෝග, මානසික රෝග ආදි වෛද්‍ය කර්මයන්හි පරිපූර්ණ විශේෂඥතාවක් ඇති ව සිටීම නිසාය.

කුමරතන්ත්‍ර
උඩ්ඩීස තන්ත්‍ර
අර්ක ප්‍රකාශ
නාඩි ප්‍රකාශ
මර්ම විඥාණ
විධී වෛද්‍යක

යන ග්‍රන්ථ එතුමා විසින් සම්පාදනය කරන ලද බව ආයුරුවේදයේ ඉගැන්වේ.

කුමාර තන්ත්‍රය

ළමුන්ට හා ළදරුවන්ට වැළදෙන විවිධ රෝග විග්‍රහ කිරීම,හැදිනගැනිම,වර්ගකිරීම හා ප්‍රතිකාර විධි මෙහි ඇතුළත් ය. බිළිදු ම අවස්ථාවේදි මව විසින් ඔෟෂධ පාවිච්චි කල ඉන් අනතුරුව බිළිඳාට කිරි දීය යුතුය. ඉන් රෝග සුව වේ. ළඳරු අවස්ථාවේ දි ම බිළිඳාගේ ලේ ධාතුව ශක්තිමත් කර රෝගාබාධවලට ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කරන විවිධ ඖෂධ වර්ග එහි අඩංගුය. උපන් වෙලාවේ ජෝතිශ්‍යට අනුව ද මේ ඖෂධ වර්ග එකිනෙක වෙනස් වේ.එමෙන්ම එකම රෝගය සදහා විවිධ ආකාරයේ ප්‍රතිකාර සංඛ්‍යාව වැඩි වන ආකාරයට ය. මහාචාර්ය ගුණපාල ධර්මසිරි පවසන පරිදි ලංකාවේ ඇති ඉතා අධික ජෛව විවිධත්වය නිසා මෙසේ එකම රෝගය සදහා වට්ටෝරු අධික සංඛ්‍යාවක් වුවද ⁣ජෛව විවිධත්වය අඩු ය. ළමයෙකුගේ කායික වර්ධනය හා මානසික වර්ධනය එකිනෙකට සම්බන්ධ බව හා ඒ දෙපාර්ශවය අතර මනා සමතුලිත බවක් ඇති කරගැනිම "කුමාර තන්ත්‍රයෙහි" විස්තර වේ.මීට අදාල ළමා චර්යා විස්තර වන අතර සෘෂි පවුල්වල දරුවන් සදහා අනිවාර්ය චර්යා පද්ධති දක්වා තිබේ..

• උඩ්ඩීස තන්ත්‍රය.

රොගීයා මෝහනයට පත්කල ඔහුගෙ යටි සිත තුලින් රෝග විස්තර ලබාගැනීම ගුප්ත විද්‍යාවක ස්වරූපයෙන් දක්වා ඇත. කෙම් යන්ත්‍ර,මන්ත්‍ර,ශාන්ති කර්ම වැනි විධි ක්‍රම ද ඊට උපකාර කරගතයුතුය. යුධ ශිල්පයක් ලෙස ද උඩ්ඩීස යොදාගැනීමට පුලුවන. සතුරා පහර දීමට එන අතර ම ඔහු හසුරාවා ගැනීමට ක්‍රියාකිරීම ද මන්ත්‍ර මගින් අනෙකා හසුරුවා ගතහැකි විධික්‍රම ද මෙහි විස්තර වේ.මහාචාර්ය ගුණපාල ධර්මසිරි ගෙ වෛද්‍ය ශාෂ්ත්‍රයෙහි ස්භාවය" යන කෘතියෙහි මේ ගැන දීර්ග විස්තර දක්වා ඇති ආකාරය බලාගත හැකි ය. එමෙන්ම  වෛද්‍ය විද්‍යාව සටන් කලාවට ද සම්බන්ධ වන ආකාරය ගැන "උඩ්ඩීස තන්ත්‍රයේ" පැහැදිලි කරයි..

නාඬි ප්‍රකාශ

මෙහි අඩංගු වන්නෙ හදවතේ ගැස්ම ස්පර්ශ කරමින් රෝග මූලය හදුනාගැනිම ය.  වා,සෙම් ,පිත්, ලෙස ශරීර ක්‍රියාකාරිත්වය හැදිනගන්නෙ නාඬියෙනි. "නාඩි ප්‍රකාශ" ග්‍රන්ථයෙහි  කෙරෙන්නෙ  මේ සංකල්පය ක්‍රියාවට නඟා රෝග මූලය හදුනාගැනිම විස්තර කිරීමය. නාඬ්ය ස්පර්ශ කරන්නෙ අතේ මැනික් කටුව අසල ඇති රුධිර නාලය ප්‍රයොජනයට ගැනීමෙනි.නාඬි ශාෂ්ත්‍රය අනුව ඕනෑම රෝගයක මූලය  එමගින්  නිවරදිව හදුනාගෙන ප්‍රතිකාර කිරීම අදත් දක්නට ලැබේ..

ඉදිරියේදි මෙහි ඉතුරු  කොටස් ටික වන අර්ක ප්‍රකාශ , මර්ම විඥාණ , විධි වෛද්‍යක යන කොටස් පිළිබදව දැනුවත් කරන්නම්...

No comments:

• āļœāļĢිāļ­āļēේ āļ‹āļ´āļ­

āļœāļĢිāļ­āļē āļēāļąු ⎀ිāļ¯්‍āļēා⎀ේ āļģැāļĸිāļą āļēāļēි āļļāļ§āˇ„ිāļģ ⎀ැ⎃ිāļēෝ āļšිāļēāļ­ි.⎄ෝāļŠි āļ´āļą්āļ­ිāļēේ ⎃ි⎃ු⎀ාāļœේ āļ´āļ§āļą් āļ¸āˇ„ා ⎀ිāļ¯්‍āļēාāļ°āļģāļēා āļ¯āļš්⎀ා āļšොāļēිāļšාāļ§āļ­් āļœāļĢිāļ­āļē ⎄ා āļ‰āļŊāļš්āļšāļ¸් āļąැāļ­ි⎀āļ¸ āļļැāļģිāļē. āļœ...