Wednesday, November 7, 2018

āļšි⎃ිāļ¯ා ⎄ෙ⎅ි āļąො⎀ු āļ…āļœāļ¸ැāļ­ි āļŠāļŠ්āļŊිāļœෙ āļ†āļ¯āļģ āļšāļ­ා⎀.

ලොව බොහෝ රටවල කීර්තීමත් පුද්ගලයන්හා බැඳුනු ප්‍රෙම කතා කොතෙකුත් අසන්නට ලැබේ.හිට්ලර් හා ඊවා බ්‍රෝන්.ජවහර්ලාල් නේරු සහ එඩ්විනා මවුන්ට්බැටන්,ඉන්දිරා ගාන්ධි සහ ලයනල් එදිරිසිංහ,ඩයනා කුමරිය සහ ඩොඩි අල්ෆයිඩ් අතර ළෙන්ගතු බැදීම් ඒ අතරින් කිහිපයකි.

විවහය දක්වා දුරදිග නොගිය එවැනි ආදර බැඳිම් පැවති මෙරට රාජ්‍ය නායකයන්ගැනද තොරතුරු හෙළි වෙයි.කාලයාගේ ඇවෑමෙන් එවනි කීර්තිමත් පුද්ගලයන්ගෙ ආදර රහස් වැළලි යමින් තිබුණද ඒවා යලි මතුවන්නෙ ''රබර් බෝලයක් දිය යට රඳවා තැබිමට නිරතුරුවම නොහැකි" පරිද්දෙනි.එහෙත් එවැනි ආදර සබඳතා ඔවුන්ට කිසිදු ආකාරයක අවමානයක් නොවන්නෙ හුදෙක් ඒවා ආධ්‍යාත්මික සතුටකට පමනක් හේතු වු ප්‍රේම කතා නිසාය.

නිදහස් ශ්‍රි ලංකාවේ ප්‍රථම අගමැති ඩී.ඇස්.සේනානායක මහත‍ා 1952 මාර්තු 21 වැනිදා ගාලුමුවදොර පිටියේදි අසු පිටින් ඇඳ වැටි  හදිසියේ මිය ගිය පසු ,එම මාර්තු 26 වැනිදා මෙරට දෙවැනි අගමැතිවරයා බවට පත්වන්නෙ ඩඩ්ලි සේනානායක මහතාය.
තම පියාණන් කෘෂිකාර්ම ඇමතිවරයා වශයෙන් දියත් කර තිබු වාරිමාර්ග හා ජනපද ඇති කිරිම පිළිබඳ කාර්යභාරය හෙතෙම ඉදිරියට ගෙන යාමට උර දුන්නේය.
අගමැතිධුරයට පත්වු පසු 1952 සැප්තැම්බර් මාසයේදි මහ මැතිවරණයක් පැවැත්වීම සදහා ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේය.එම මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔහුට හැකිවුයේය. එනමුත් රෝගාතුර වීම හේතුවෙන් ඔහු 1953 ඔක්තෝම්බර් 12 වන දින අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.ඉන්පසු අගමැති ධූරයට පත්වුයේ සර් ජෝන් කොතලාවල මහතාය.

එදා සේනානායක හා කොතලාවල පවුල අතර පැවතියේ ඉතා දැඩි සමීප සබඳතාවයකි.අගමැති ජෝන් කොතලාවලට බාල සහෝදරයන් දෙදෙනෙකි.ඒ ජෝජ් කොතලාවල සහ ජස්ටින් කොතලාවල නමිනි.ඔවුන්ගෙ බාල සහෝදරිය වුයේ ප්‍රිඩා කොතලාවල මෙනවියයි.

තරුණ වියට පත් ඇය විවහාප්‍රාප්ත වුයේ හලාවත ප්‍රකට ධනවත් පවුලක් වු කොරයා පවුලේ තරුණ පුත්‍රයෙකු සමඟය.විවහයෙන් පසු ඔවුන් පදිංචි වුයේ කොළඹ 7,හෝටන් පෙදේසේ නිවසකය. (ඔවුන් දෙනොගේ පුත්‍රයා වුයේ මෙරට ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වු ගාමිණි කොරයා මහතාය.)

තරුණ ඩඩ්ලි සේනානායක මහතාද මේ නිවෙසට යාම් ඊම් කලේ පවුල අතර සබඳියාවත්, දේශපාලනයට සම්බන්ද ඇතැම් දේ සාකාච්චා කෙරුනේ එහිදි නිසාත්ය.එහෙත් පසු කලෙක කිසියම් හේතුවක් නිසා ප්‍රීඩා - කොරයා අතර විවහය දික්කසාදයකින් නිමාවට පත් වුයේය.

1956 අගමැති ජෝන් කොතලාවල සමයේ එංගලන්තයේ එලිසබෙත් මහ රැජින සංචාරයක් සදහා ලංකාවට ආවේය.ඒ අවස්ථාවෙ එක් රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වුනේ ප්‍රීඩා හා කොරයා යුවලගේ හෝටන් පෙදේසේ පිහිටි නිවසේය.ඩඩ්ලි සේනානායක ඇතුලු දේශපාලන ප්‍රභු පිරිසක් එවැනි උත්සවවලදි  මේ නිවසේදි හමුවුහ.

එවන් එක් අවස්තාවකදි ප්‍රීඩා - ඩඩ්ලි අතර වු කතාබහ ඊටත් වඩා දුරකට ඇදි ගොස් ළෙන්ගතු ආදර සම්බන්ධයක් බවට පතුවු බව පවුලේ බොහෝ දෙනාට රහසක් නොවිය.තවත් විවාහයක් දක්වා දුරදිග  නොගිය ලොවටම රහසක් වු ඩඩ්ලි - ප්‍රීඩා ආදර කතාව දැන සිටියේ ඥාති පරපුරේ වැඩිහිටියන් පමනි.ඩඩ්ලි සේනානායක මහතා මුලු දිවිය පුරා අවිවාහකව සිටියේ මේ ප්‍රේමය නිසා බව බොහෝ කලක් යනතුරු කිසිවෙකුට අනාවරණය නොවිය.
මෙරට සිව් වරක් අගමැතිධුරය දැරීමට වාසනාවන්ත වු ඩඩ්ලි සේනානායක මහතා 1972 අප්‍රෙල් මස 13 වැනිදා අවසන් හුස්ම හෙලුවේය.

ඔවුන් දෙදෙනාගෙ සුන්දර ළෙන්ගතු ප්‍රේමය එලෙස නිමා වු දවසේ සුදු ඇදුමින් සැරසුනු ඇය රතු රෝස මලක් හා සුවඳ විලවුන් බෝතලයක් ඩඩ්ලිගෙ මිනි පෙට්ටිය මත තැන්පත් කළ අයුරු සමීප ඥාතීන්ට දැක ගත හැක්විය.

(මව්බිම)

No comments:

• āļœāļĢිāļ­āļēේ āļ‹āļ´āļ­

āļœāļĢිāļ­āļē āļēāļąු ⎀ිāļ¯්‍āļēා⎀ේ āļģැāļĸිāļą āļēāļēි āļļāļ§āˇ„ිāļģ ⎀ැ⎃ිāļēෝ āļšිāļēāļ­ි.⎄ෝāļŠි āļ´āļą්āļ­ිāļēේ ⎃ි⎃ු⎀ාāļœේ āļ´āļ§āļą් āļ¸āˇ„ා ⎀ිāļ¯්‍āļēාāļ°āļģāļēා āļ¯āļš්⎀ා āļšොāļēිāļšාāļ§āļ­් āļœāļĢිāļ­āļē ⎄ා āļ‰āļŊāļš්āļšāļ¸් āļąැāļ­ි⎀āļ¸ āļļැāļģිāļē. āļœ...