සෘෂිපාලක පෙළපතේ රාවණ රජ = 01
සක්විති රජෙක් ලෙස සැලකෙන රාවණ රජ පාලකයෙක්ද,සෘෂිවරයෙක් ද, වෙදැදුරෙක් ද, හමුදාපතිවරයෙක් ද, මන්ත්‍රකරුවෙක් නැති නම් විජ්ජාකාරයෙක් ද යන්න අද දිනවසන අපට නැඟිය හැකි ප්‍රශ්නයකි.සාමාන්‍යකරණය වෙනුවට විශේෂඥකරණය වැදගත් වන යුරෝපිය සමාජ ක්‍රමය තුල එක් අයෙකුට විවිධ දැනුම,හැකියාව,පළපුරුද්ද තිබිය නොහැකිය.මේ බ්‍රිතාන්‍ය රටාව යි.රාජකීය වරපත්‍රය (Royal Charter) යටතේ පිහිටු වු වෛද්‍ය ,ඉංජිනේරු,නීතිඥ,කළමනාකරණ හා ගණකාධිකාරි වැනි වෘත්තීය කවුන්සිලයන්හි සාමාජිකත්වය ලබා ඒ වෘත්තීයට පිවිසෙන අයකුට වෙනත් වෘත්තීයක සාමාජිකයෙකු වීම අපහසුය.රාවණා රජ දවස ඉහත සදහන් කරන ලද සියලුම දැනීම් සහිත ව දස විධ ඥාන සම්භාරයක් ඇති ව සිටි නිසා දසිස් රාවණ වෙයි. එ සේ වුවද රාජකීය ආසියාතික සංගමයේ රාවණ විරෝධි සම්මන්ත්‍රණයක දි විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු විසින් ප්‍රකාශ කර තිබුනේ ' රාවණ යනුවෙන් තිරිසෙනෙකු හෝ නො සිටි බවත් ඒ ගැන අසන්නට ද නැති බවත් ' ය.
රාවණ රජු ජීවත් ව සිටි යුගය කාල නිර්ණය කිරිමට සාධක කිසිවක් තව ම ලැබී නැත. එසේ වුව ද බටහිර ඉන්දියාවේ කැම්බේ බොක්කෙහි ( ගුජරාටය අසල ) අඩි 4000 ක් යට මුහුද පතුලෙන් 2003 දි හමු වු ගිලි ගිය නගරය කාබන් පරීක්ෂණ මගින් වසර 10000 ක් පැරණි බව සොයාගෙන ඇත.රාමායණ විස්තර අනුව ඒ ප්‍රදේශයෙහි තිබිය හැක්කෙ දණ්ඩක වනයෙහි (දණ්ඩකාරණ්‍ය) අගනුවර ( පාලන මධ්‍යස්ථානය ) වු ' ජනස්ථාන්' වේ. රාවණ සොයුරිය වු සුපර්ණිකා පාලන කටයුතු කලේ ඒ මධ්‍යස්ථානයේ සිටිමින.
රාමයණයෙහි ප්‍රධාන චරිතයක් වන 'රාමා' කුමරු පෙළපතක් නැති අයෙකි.අයෝධ්‍යාවෙහි දශරථ රජු ගේ පුත්‍රයා ලෙස පමනක් 'රාමචන්ද්‍ර' විස්තර වේ.ලක්ෂ්මන් සහෝදරයා ය සීතා කුමාරිය වප් මඟුලේ දිහි මිටෙන් උපන් ඕපපාතික කුමරියකි. ඇය ජනක රජු ගේ දියණිය යි.සීතාත්, ලක්ෂ්මණත්, රාමාත් ති දෙනාම දිවි නසාගැනිමෙන් වාල්මීකි ගේ රාමායණය සමාප්තියට පත්වේ. එසේ වුවද රාවණා රාවණා ගේ පුත් ඉන්ද්‍රජිත් ගේ පරම්පරාව ගැනත් කියවෙන සෙල්ලිපි ඇත. අරණායක රහලගල කෑගල්ල අසල අළු ලෙන, අම්පාර රජගල,විල්පත්තුවේ ඔච්චප්පුකල්ලු ,තොප්පිගල අසල වල්මංඩිය ඒ ලිපි තිබුනු තැන් ය. ඉන් 3 ක් පමණක් ' ලංකා ශිලා ලිපි සංග්‍රහය,1 වෙලුම' ග්‍රන්ථයේ දැක්වේ.මේ ලිපි සියල්ල සොයාගැනිමට පුරාවිද්‍යාව උදාසීන බවක් දක්වයි. ' කුඹුක්කන් ඔය ' නමැති නාමය ගැන හෝ පුරාවිද්‍යාව උන්නදු නැත. 1818 දි බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තැන විසින් වෙඩි දමා විනාස කරන ලද කුඹුක්කන් කුමරු (රාවණ සොයුරු) සැදු අමුණ සොයාගැනිමට ද පුරාවිද්‍යා උන්නදු නැත. " Google Earth " අන්තර්ජාල වැඩසටහන තුලින් මෙය බැලීමට හැකිය. ඒ අමුණ පිහිටි තැන පටන් සුදු ඉරි ගැසුවාක් බදු වේලි ගිය සෘජු ඇළ මාර්ග දක්නට ලැබේ.
ශිෂ්ඪාචාරයේ පැරණි අවධිවල දැනුමැති පුද්ගලයන් වුයේ සෘෂිවරුන් ය. ලංකාව,භාරතය, ග්‍රිසිය වැනි සෑම රටකම එය ඒ පරිද්දෙන්ම විය.සංස්කෘත සාහිත්‍ය තුල ( විශේෂයෙන්ම පුරාණ ග්‍රන්ථ වල) සෘෂිවරුන් ගැන නිතර කියවේ. සොක්‍රටීස් හා ප්ලේටෝ දෙදෙනා ද ගල් ගුහාවල ජීවත් වෙමින් ඉණට රෙදි කඩක් පොරවා අනුන් දුන් ආහාරයෙන් යැපෙමින් භාවනානුයෝගී ව (සමාධි ගතව ) සිටි අය වෙති.
පඬිවරුන් ලෙස අප පාසලේ අධ්‍යාපනය තුල දි මොවුන් ගැන ඉගෙනගෙන තිබේ. ඒ ඔවුන්ගේ දැනුම් සම්භාරය නිසාය. මොවුහ සෘෂි වෘතයන් ඇති අය වූ හ. ලංකාවේ හො වේවා භාරතයේ හෝ වේවා ග්‍රිසියේ හෝ වේවා ඇන්ඩිස් කදු මුදුන් වල හෝ වේවා මේ අය සෘෂිවරු වෙති. ප්‍රලාද රජුගේ (ක්‍රි.පු.9500-9000) පුත් වීරචන්න දකුණු ඇමරිකාවේ ඇන්ඩිස් කදු මුදුන්වල ඇරඹු ශිෂ්ඪාචාරය පසු ව ඉන්කා නම් විය.ලෝක ගෝලයෙහි ලංකාවට විරුද්ධ දෙසින් පිහිටි නිසා (පාද+තලය+යට) දෙපා යට අරුතින් පාතාල නම් විය.ප්‍රාලාද ගෙන් පසු මුනුබුරු 'බලි' හෙළදිව රජ වුයේ පුත්‍රයා වු වීරචන්න තම රට හැර දකුනු ඇමරිකාවට ගිය බැවිනි.වීරචන්න දේවාලය ( ටිටිකාකා විල අසල ටිවවකුහි අක්කර 6 ක භූමිය පුරා) තුල වීරචන්න ගේ ශෛලමය ප්‍රතිමාවක් අදත් දැකිය හැක.
සෘෂිවරුන් හුදෙකලාව හිදිමින් ලෝකය දෙස බලා සිටින අය වෙති.මේ චීත්ත ඒකාග්‍රතාවය තුල පැවතියේ සමාධිගත වීමයි.ඒ වඩන සමථ භාවනාව තුලින් තමන්ට දැනගැනීමට අවශ්‍ය විශයය පිලිබදව ඉතා නිවරදි තත්වය දත හැක.සිදුහත් තවුසානන් ද මේ ක්‍රමය අනුගමනය කළේය.එතුමන්ට තොරතුරු ලබාගැනිමට විශයයක් නොතිබු අතර අවශ්‍ය වූයේ සත්‍යාවබෝධය යි.එබැවින් විදර්ශනා භාවනවා සිදුවිය. ඒ තුලින් අවසානයේදි සම්‍යයක් සම්බෝධිය නොහොත් නිවන් අවබෝධ විනි.මෙය හුදු අවබෝදයක් හා ආලෝකයක් පමනි. ධම්මචක්ඛපවත්තන සූත්‍රයෙහි " ආලෝකෝ උදපාදී " ලෙස දැක්වෙන්නෙ එ බැවිනි. සෘෂිවරුන්ට තොරතුරු දැනගත යුතු විශයයන් වු අතර ඒ අරමුනු කරගෙන සමාධිගත වු බැවින් නිවරදි දැනුම ලැබිනි. 'සෘෂි භාෂිතය මෙන් නිවරදි ' යන සංකල්පය පුරාණයේ පැවතියේ එබැවිනි.
ඇල්බට් අයින්ස්ටයින්ට පරමානු ගැනත්,ජේම්ස් ප්‍රින්සෙප්ට බ්‍රාහ්මි අක්ෂර ගැනත් දැනුම ලැබුනේ මේ මාර්ගයෙන් බව වාර්තා වි ඇත.පාසලින්,පතපොතින් ,පරිගනකයෙන්,ගුරුවරුන්ගෙන් ලබන දැනුම නිතරම වැරදි විය හැකිය.එය අනුන් ගේ දැනුමයි.විද්‍යාව හා තාක්ෂණය නිතර වෙනස් වෙමින් අලුත් වන්නේ මේ නිසාය. සෘෂි භාවිතය එසේ කලින් කලට වෙනස් නොවේ...
සෘෂිවරුන් සහ මුනිවරුන් යන වචන දෙකකින් හදුන්වන ලද අය පැරනි සාහිත්‍යයේ ඇත.බුදුන් ද 'ශාක්‍ය මුනි ' ලෙස හැදින්වේ.මේ වචන දෙකින් හදුන්වන අය වෙන් ව හදුනාගැනිමට තවමත් අපහසුය. ඒ යකුන් හා රකුසන් අතර වෙනස හදුනාගැනිමට අපහසු වන්නා සේය.මුනිවරු නිශ්ශබ්දව සිටියහ. යමකු ප්‍රශ්නයක් ඇසු විට පමනක් එයට පිලිතුර දි නැවතත් නිශ්ශබ්ද වූහ.මුනිවත රැකිම යනු නිශ්ශබ්දව සිටිමයි. ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ ද පැවැත්මට අදාළ නොහොත් ලෞකික කාරණා ගැන සුත්‍ර දේශනා කර ඇත්තෙ ප්‍රශ්න කළ විට දි ඒ පැනය විසදීමට පුලුවනි...
ඉතිරි කොටස පසුවට......
No comments:
Post a Comment