Thursday, January 24, 2019

āļĸ⎀ිāļ´ේ 2 ⎀āļą āļšැāļģැāļŊ්āļŊ ⎀ි⎃ිāļą් āļšāļģāļą āļŊāļ¯ āļාāļ­āļąāļēāļą්.

ජවිපේ (JVP) 1965 මැයි 14 ආරම්භයේ සිට 2018 දක්වා  කැරලි 2 ට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල වු 1971  අප්‍රෙල් 5 කැරැල්ල මර්ධනය කිරිමේදි සමඟි පෙරමුණ ආණ්ඩුව අතින් ඝාතනයට ලක්වු කැරැලිකරුවන්ගේ සංඛ්‍යාව 5000ට ආසන්නය. එවකට සිටි ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ දත්ත අනුව ඝාතනයට ලක්වු කැරැලිකරුවන් සංඛ්‍යාව 1200 ක් පමන වේ.නමුත් ජවිපේට අනුව මියගිය සංඛ්‍යාව 10 000 ක් පමන වේ.

එසේම 1971 කැරැල්ලේදි අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11 ක රඳවා සිටි කැරැලිකරුවන්ගේ සංඛ්‍යාව 17 953 කි.ඉන් පොදු දේශපාලන සමාව යටතේ භාර වු සංඛ්‍යාව  4200 කි.

පරීක්ෂණ සභා කොමිසන් 4ක් මගින් 1971 අප්‍රෙල් කැරැල්ල මහ නඩුව ඇතුලු පරීක්ෂණ 140 ක් පවත්වන ලදි.එහිදි චෝදනා ලැබු චූදිතයන් සංඛ්‍යාව 3908 කි.පුනරුත්ථාපනය කළ සංඛ්‍යාව 16 853 කි.සෙසු අය අත්හිටවු බරපතළ සහ ජීවිතාන්තය දක්වා ආදි සිරදඩුවම් නියම ව්ය. අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත 1977 ඔක්තෝම්බර් 1 අහෝසි කිරිමේ ප්‍රතිඵලයක් වශයෙන් විජේවීර ඇතුලු සිරදඬුවම් විදිමින් සිටි සියලු දෙනා 1977 නොවැම්බර් 2 එජාප (UNP) ආණ්ඩුව මගින් නිදහස් කරන ලදි.

ඒ ප්‍රථම කැරැල්ලෙ කෙටි සාරාංශයකි.

ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරිමේ උපාය මාර්ගික ගමන්මග අනුව රෝහණ වි⁣ජේවීරගේ  නායකත්වයෙන් ජවිපේ විසින් 1986 සිට 1990 දක්වා වසර 4 ක කාලයක් තුල ක්‍රියාවට නැගු ජවිපේ 2 වෙනි කැරැල්ල ද 60 000 ක් ඝාතනයට ලක්වෙමින් අවසානයේදි නිමාවට පත්විය.

ජවිපේ 2 කැරැල්ලේදි ජවිපේ සන්නද්ද අංශය වු දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය මගින්  1986 සිට 1990 දක්වා ඝාතනය කරන ලද සංඛ්‍යාව 6661. ඒ අතර

• එජාප ක්‍රියාකරින්  =1783
• රාජ්‍ය නිළදාරීන් සහ සේවකයින්  = 485
• පොලිස් නිළදාරීන්   =357
• ආරක්ෂක හමුදා නිළධාරින් = 15
• සෙබලුන්   202
• සරසවි සහ පාසල් සිසුන් = 187
• පොලිස් පවුල් සාමාජිකයන් = 92
• හමුදා පවුල් සාමාජිකයන්  = 70
• විදුහල්පතිවරුන් =  52
• භික්ෂුන්  = 41
• වෘත්තීය සමිති ක්‍රියාකාරින් = 27
• වතු පාලකයන් = 18
• මාධ්‍යවේදින්/කලාකරුවන් = 9
• නීතිඥයන්  =7
• ප්‍රධාන ව්‍යාපාරිකයන්   =6
• මහාචාර්යවරුන්  = 2
• කතෝලික පූජකවරු  =2
• ශ්‍රිලනිප  =200
• මහජන පක්ෂයේ   = 141
• කොමියුනිස්ට් පක්ෂයේ   = 43
• නව සම සමාජ පක්ෂයේ    = 24
• ලංකා සම සමාජ පක්ෂයේ  = 22
• ජනතා සංගමයේ = 19
• 1971 අප්‍රෙල් කැරලිකරුවන් = 7
• විකොස කම්කරු මාවතේ = 3
• ජනතා සමාජවාදියෝ = 5
• සමාජවාදි ජනතා ව්‍යාපාරයේ = 1
• අවිස්සාවේල්ල කන්ඩායමේ = 1

• වෛද්‍යවරුන්/ඉංජිනේරුවන්/ගුරුවරුන් ඇතුලු පුරවැසියන් = 2888 ක් අයත්ය.

ජවිපේ 2 වැනි කැරැල්ලේ කැරැල්ලිකරුවන්ගේ ප්‍රථම ඝාතනය වුයේ 1986 දෙසැම්බර් 5 හම්බන්තොට මිද්දෙණිය ගෝණදෙණිය විදුහලේ 39 හැවිරිදි එච්.ජයවික්‍රමය. ජවිපේ පත්‍රිකා ඇලවු සිසුන් පිරිසකගේ පන්ති තහනම් කිරීම එයට හේතුව විය.

ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කන්ඩායම් විසින් ජවිපේ 2 වනි කාරැල්ලට එරෙහිව අවසාන භාගයේදි අනුකම්පා විරහිත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර අත්අඩංගුවට ගත් කැරලිකරුවන් අති බහුතරයක් වධබන්ධනවලට ලක් කර තිරස්චීන ලෙස ඝාතනය කරන ලදි.

එසේ කර දමමින් ජවිපේ දෙවනි කැරැල්ල,භීෂණ සමය මෙරටින් නිමා කරන ලදි.

No comments:

• āļœāļĢිāļ­āļēේ āļ‹āļ´āļ­

āļœāļĢිāļ­āļē āļēāļąු ⎀ිāļ¯්‍āļēා⎀ේ āļģැāļĸිāļą āļēāļēි āļļāļ§āˇ„ිāļģ ⎀ැ⎃ිāļēෝ āļšිāļēāļ­ි.⎄ෝāļŠි āļ´āļą්āļ­ිāļēේ ⎃ි⎃ු⎀ාāļœේ āļ´āļ§āļą් āļ¸āˇ„ා ⎀ිāļ¯්‍āļēාāļ°āļģāļēා āļ¯āļš්⎀ා āļšොāļēිāļšාāļ§āļ­් āļœāļĢිāļ­āļē ⎄ා āļ‰āļŊāļš්āļšāļ¸් āļąැāļ­ි⎀āļ¸ āļļැāļģිāļē. āļœ...