අද ලෝකයෙ ක්‍රමලේඛ භාශා හෙවත් ප්‍රෝගැමිං ලැංග්වේජ් ගණනාවකි.Google සමාගමෙ Go හෙවත් ගෝ ලැංග් යනු ඒවා අතරින් සුවිශේෂ ගුණාංග සහිත එකකි.ඕපන්සෝස් මාදිලියේ ක්‍රමලේක භාෂාවක් වෙන මෙය මුලින්ම නිර්මානය කරන ලද්දෙ 1997දිය.
දැන් තිබෙන නොයෙක් ක්‍රම ලේඛ භාශාවලට සෑම හොඳ ගතියක්ම එකම තැනක නැත පයිතන් (Phython) හෝ ජාවා ස්ක්‍රිප්ට් (Java Script) ගතහොත් සී ප්ලස් ප්ලස් (C++) හෝ ජාවා (Java) ට වඩා ක්‍රමලේඛ සැලසුම් කිරිම අතින් පහසුය.එහෙත් කෝඩ් හොවත් කේත ලිවිම අතින් ජාවා පෙරමුනේය.ඕනෑ අතකට හරවා ගැනිම අතින් පයිතන් ඉදිරියෙනි. "ගෝ" යනු මේ සියලු හොඳ දෙය එක තැනකට එක්කල නව පන්නයේ භාශාවකි.එය පරිගනක භාශා සැලසුම් අතින් ඉහල මට්ටමේ තිබෙන්නෙකි. "ගෝ" ක්‍රමලේඛ භශාව පයිතන් සහ සී ප්ලස් ප්ලස්වල එකතුවක් ලෙසද අර්ථ දක්වන්නෝද වෙති. පර්ල් (Perl) පීඑච්පි (PHP) සහ රුබි (Ruby) යන ඕපන් සෝස් ක්‍රමලේඛ භාශාවලින් බොහෝ ගුණාංගද මීට එකතු වි තිබේ.
පරිගණකය නිරන්තරයෙන්ම ගැටලු විසදමින් සිටි.ඒ ගැටලු වල හැටියට,එය විසදන ක්‍රමය මේ මේ යැයි කියන උපදෙස් මාලාවක් පරිගණකයට කලින්ම කවා තිබේ.මෘදුකාංගයක් කියන්නෙ ඒ උපදෙස් කන්දරාවටයි. පරිගණකයට අපි විසින් උපදෙස් ලබා දෙන්නෙ ඊට තේරෙන බසකිනි.ක්‍රමලේඛ භාශාව එයයි.එනිසා අලුතින් ක්‍රමලේඛ භාශාවක් තැනිම පහසු නැත.එය ප්‍රවීන පරිගණක විද්‍යාඥයන්ට පමනක් කළ හැකි වැඩක් ලෙස ප්‍රකටය.මෙසේ ගෝ ක්‍රමලේඛ භාශාව නිර්මාණ කරනු ලැබුවේ ද ලෝ ප්‍රකට පරිගනක විද්‍යාඥයින් කණ්ඩායමක් විසිනි. යුනික්ස් පරිගණක මෙහෙයුම් පද්ධතිය සැකසීමේ පුරෝගාමි කටයුතු කළ ලෝ ප්‍රකට පරිගණක විද්‍යාඥ කෙන් තොම්සන් එහි ප්‍රධානියා විණ.
"ගෝ" ක්‍රමලේඛ භාශාව නිර්මාණය කිරිම ඇරඹියේ අදින් අවුරුදු දොළහකට කලිනි. 2007 සැප්තැම්බර් 21 වැනිදා Google සමාගම ඉංජිනේරුවන් වු රොබට් ග්‍රීස්මර්, රොබ් පයික් සමඟ එක්වු කෙන් තොම්සන් මෙම භාශාවේ මූලික ආකෘතිය ගැන එකඟතාවකට ආහ.එතැන් පටන් මේ අය එකිනෙකාගේ ප්‍රමඛ රාජකාරිවලින් ලද විවේක වෙලාවලදි 'ගෝ' ලැංග්වේජ් එක නිර්මාණය කළහ.ඒ විවිධ මාවත් ඔස්සෙ මිස පෙළින් පෙළට නොවේ.
මේ අසම්පූර්ණ වැඩ එකළස් කිරිමේ කටයුතු පූර්ණකාලීනව පටන් ගත්තෙ 2008 ජනවාරියේදීය.එතැන් සිට අවුරුද්දකට කිට්ටු කාලයක් ගෙවුනු තැන,ඒ නම් 2009 නොවැම්බර් 13 වැනි දා මෙය ප්‍රසිද්ධ කලේය.ඒ Google සමාගමේ ඉදිරිපත් කිරිමක් වශයෙනි.දැන් ලොව ඕනෑ කෙනෙකුට ගෝ ක්‍රමලේඛ භාශා පැකේජය golang.org යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැක.ඒ මෙම භාශාවෙන් වැඩ ගන්නා හැටි විස්තර කෙරෙන නිබන්ධනද සහිතවයි.
No comments:
Post a Comment