ආකේඩියා යනු (Arcadia) දකුණු ග්‍රීසියේ පොලොපොනීසස් නම් මධ්‍යම සානුවේ පිහිටි ප්‍රදේශයකි.මෙය ඉතා පුරාණයේ සිට පැවති දිස්ත්‍රික්කයකි.හතර පැත්තෙන්ම කඳු වළල්ලකින් වටවීම හේතුවෙන් මෙහි වෙසෙන වැසියො බාහිර ලෝකයෙන් වෙන් වුවක් වැනිය.ග්‍රිසියේ අනෙකුත් පළාත්වල දියුනුවෙන් ඈත්ව දඩයමෙන් හා සතුන් ඇති කිරිමෙන් ඉතා චාම් දිවිපෙවතක් ගත කරන මිනිසුන් මෙහි වෙති.
මෙහි තිබෙන ජන දිවියේ ඇති පිවිතුරු බව නිසාම "ආකේඩියා"යන වදන ඉතා සරල චාම් සුන්දරත්වයෙන් හෙබි,තෘප්තිමක් ජීවිතයක් ගත කල හැකි පළාතක් දැක්වෙන සංකේත නාමයක් හැටියට ද "ආකේඩියා" හදුන්වයි.
ග්‍රීක රෝම කාව්‍යයවල මෙය ස්වර්ගයකට උපමා කර ඇත.අද මෙය ග්‍රීසියේ ප්‍රාන්තයකි.මෙම භූමිය ආගෝලිස්( Agolis) බොක්ක දක්වා විහිදි ඇත.වෙරළ තීරය කී.මි. 64 (සැ 40) කි. මෙහි මිදි වතු කිහිපයක් ඇතත් ඔලිව් ගස් නම් නැත.තැන තැන ඔක් වනාන්තර ඇත.නැගෙනහිර ප්‍රදේශය මුලුමනින්ම වියළි ස්වභාවයකින් යුක්තය. භූමි ප්‍රමාණය වර්ග කි.මි. 4 419 කි.ජනගහනය 1981 වෙද්දි 108 000 තරම්ය.අගනුවර වන්නෙ ට්‍රිපොලිස්ය.
No comments:
Post a Comment