Monday, January 28, 2019

āļļ⎄ුāļ­āļģāļē āˇƒāˇ„ āļĸāļą āļ¸āļ­āļē.

නිදහසින් පසු ගෙවුණු වසර 70 තුල ශ්‍රි ලංකාව මහ මැතිවරණ 15 පවත්වා තිබේ.ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ආණ්ඩු බලය⁣ට ගෙන ඒමේ සහ බලයෙන් පහ කිරිමේ හොඳ පුරුද්දක් මෙරට ඡන්දදායකයන්ට තිබේ. සර්වජන ඡන්ද බලය හොඳින් හසුරුවන රාජ්‍යයක් ලෙස ලංකාවට කීර්තියක් හිමිවි ඇත.ලංකාවේ ඡන්ද හිමියන් ස්වකීය ඡන්ද බලය පාවිච්චි කරන ආකාරය සම්බන්දව සමාජයේ කිසියම් විවේචනයක් ඇති බවද රහසක් නොවේ.
                              දේශපාලන කේෂ්ත්‍රයේ මතුවන බොහෝ ගැටලු හා අර්බුදවලදි, 'ඕකට වැරදි කාරයෝ අපිමයි. අපේ මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්න දන්නෙ නැ.,හොරුන්ට,සමාජ ද්‍රෝහින්ට ඡන්දය දෙනවා ' යන විවේචනය ද නිතර අසන්නට ලැබේ.එම විවේචනය සියයට සියයක් සාධාරණ නැත.මහජන චීනයේ සභාපති මාඕ සේතුං  ප්‍රකාශ කළේ තීරණාත්මක බලය හා ශක්තිය මහජනතාව බවය. අප ජනතාවගෙන් උගත යුතුය. ජනතාව අනුගමනය කළ යුතුය.අපගේ ගුරුවරු වන්නෙ ගොවි කම්කරුවන්ගෙන් සැදුණු සකල විධි බහුජනයා යැයි මාඕ ඉගැන්විය.ජනතාව වටහා ගැනිමට අප අපහොසත් වුවහොත් ඒකාන්තයෙන්ම අප විපතේ වැටෙනු ඇතැයිද පරාජය වනු ඇතැයි ද මාඕ සේතුං පෙන්වා දුන්නේය.
              ගෙවි ගිය 70 වසරක කාලය තුල මැතිවරන සම්බන්ධයෙන් ආපසු හැරි බලන කල කොපමන කල කොපමන විවේචන එල්ල කලත් ජනතාව නිවැරදි තීන්දු ගෙන ඇති බව පෙනේ.පැවති මහ මැතිවරණ 15 දි මෙරට ඡන්දදායකයන් බලයේ සිටි ආණ්ඩුවලට තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදි තිබෙන්නෙ අවස්ථා දෙකකදි පමනි.එනම් 1970 සහ 1977 මැතිවරණ වලදි පමනි.අනෙක් කිසිදු මැතිවරණයකදි කිසිදු පාලක පක්ෂයකට බහුතර බලයක් ලබාදි නැත.
ජන විඥානයට කිසිවකුට උපහාස කළ නොහැකිය.දේශපාලනඥයින්ගේ පොරොන්දු ගිවිසුම් හා කෙරුවාව ගැන හොදින් දන්නා නිසාම දේශපාලන පක්ෂවලට බහුතර බලයක් නොදෙන්නට ඡන්දදායකයන් වගබලා ගෙන තිබේ.
        1977 දි ජේ.ආර්.ජයවර්ධන මහතා නායකත්වය දුන් එජාපයට 5/6 බලයක් ලබා දීමෙන් සිදුවු වරද ජනතාව තවමත් විඳවමින් සිටිති. ඒ නිසාම මෙරට මැතිවරණයන්හිදි කිසිම දේශපාලනය පක්ෂයකට 2/3 බහුතරය නොදෙන්නට ජනතාව තීරණය කර ඇත.ලංකාවේ දිගටම පැවතියේ සුළුතර බලයක් සහිත ආණ්ඩුය.
           චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ 1994 ආණ්ඩුව මුලු කාලයම පැවතියේ වැඩි ඡන්ද 1 ක් සහිත පාර්ලිමේන්තුවකිනි. 2001 දි නැවතත් එජාප ආණ්ඩුවක් බලයට පත්කලද  එය වසර දෙකකිව් බිඳ වැටිණි. 1965 දි ඩඩ්ලි සේනානායක ආණ්ඩුව බහුතරය හදාගත්තෙ පක්ෂ හතක හවුලක් මගිනි.1947 දි එජාපයට පාර්ලිමේන්තු ආසන 42 ක් දෙන විට සෙසු පක්ෂවලට ආසන 32 ක් දි තිබිනි. 1960 මාර්තු මැතිවරණයේදි එජාපයට ආසන 50 ක් දෙන විට ශ්‍රිලනිපයට ආසන 46 ක්ද,  1960 ජූලි මැතිවරණයේදි එජාපයට ආසන 75 ක් දෙන විට අනෙක් පක්ෂවලට ආසන 83 ලබා දි තිබිණි. 2015 දීද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ ජනතාව එකම පක්ෂයකටවත් බහුතර බලයක් ලබා නොදුන් නිසා සම්මුතිවාදි ආණ්ඩුවක් කර යාමට සිදුවු බවයි.
      කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබානොදීම ලාංකේය දේශපාලනයේ සුවිශේෂි ලක්ෂනයක් බවට පත්වි තිබේ.එය එසේ වන්නෙ කේසේදැයි කිසිදු නියැදියකින් විග්‍රහ කිරිම අසීරුය.ලංකාවේ ආණ්ඩු වැඩක් කලා නම් එය කර ඇත්තේද සුළුතර බලයක් තිබියදිය.මෙරට ඡන්දදායකයෝ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ  නායකයෙකුට බහුතර බලයක් නොදෙති.එසේ බලය පිරිනමන්නට තරම් ජනතාව දේශපාලකයෝ විශ්වාස නොකරති.ඒ ගැන ජනතාවට ආඩපාලි කියා තේරුමක් නැත.ජනතාවගේ තීරණයට පාලකයන් හිස නැම්ය යුතුය.
         රටට ආදරය කරන සැබෑ අවංක නායකයන් ජනතාව හමුවේ තබන ප්‍රතිපත්ති අකුරටම ඉටු කරන හෝ කළ දිනෙක ලංකාවේ ඡන්දදායකයන් ඔවුන්ට බහුතර බලය ලබාදෙනු ඇත.

1 comment:

Anonymous said...

It is really a great and useful piece of information. I am happy that you shared this helpful info with us.
Please stay us informed like this. Thank you for sharing.

• āļœāļĢිāļ­āļēේ āļ‹āļ´āļ­

āļœāļĢිāļ­āļē āļēāļąු ⎀ිāļ¯්‍āļēා⎀ේ āļģැāļĸිāļą āļēāļēි āļļāļ§āˇ„ිāļģ ⎀ැ⎃ිāļēෝ āļšිāļēāļ­ි.⎄ෝāļŠි āļ´āļą්āļ­ිāļēේ ⎃ි⎃ු⎀ාāļœේ āļ´āļ§āļą් āļ¸āˇ„ා ⎀ිāļ¯්‍āļēාāļ°āļģāļēා āļ¯āļš්⎀ා āļšොāļēිāļšාāļ§āļ­් āļœāļĢිāļ­āļē ⎄ා āļ‰āļŊāļš්āļšāļ¸් āļąැāļ­ි⎀āļ¸ āļļැāļģිāļē. āļœ...