• රස වෙදකමින් පෙළහර පෑම.
අවුරුදු දස දහසකට පමණ පෙර මේ රට සමාජ හා පාලන රටාව ඉතිහිසය මගින් විස්තර කර නැත.එ බැවින් ම එය තේරුම් ගැනිම වර්තමානයේ වසන අපට අපහසුය. සිංහල රජුන් ගැන ද ඉතිහාසය විසින් උගන්වා ඇත්තෙ ඉංග්‍රිසි "King" ගේ ස්වරුපයෙනි.දකුනු ඉන්දියානු දේවාල චිත්‍රවල ඇති මුහුනු 10 ක් හා අත් 20 සහිතව උඩු රැවුල් කරකවා අතින් කඩුව දරාගත් බිහිසුනු රකුසකු වන රාවණා රජු තුල බියක් දන්වයි. ඒ නිසාම උගත් යුරෝපියන් රාවණ රජු දකින්නෙ " ඩීමන් කිං" ( යක්ෂ හෝ අමනුෂ්‍ය හො රජකු ) ලෙසයි. එහෙත් ඓතිහාසික රාවණ රජු බුද්ධිමතෙකි. වෙදදුරෙකි.දසවිධ ඥාණ (දසිස්) අැති මහා පඬිවරයෙකි.
රාවණා රජු හිස් 10 ක් අත් 20 ඇති මනුස්සයෙක් ලෙස ලොව පහල විය නොහැකි අතර රාවණ රජු දස දේශයක් හො ගිරි රාජ්‍යය 10 පාලනය කල බව ඓතිහාසික වශයෙන්ද තහවුරු වි නොමැත. ආයුර්වේද ඉතිහාසයේ සදහන් වන පරිදි රාවණ රජු සතු තිබු දසවිධ දැනුම් සම්භාරය (දසඥාණ) ගැන නම් දත හැකිය. ඒ නිසාම ඔහු දසිස් රාවණ විය. " වර්ගපූර්ණිකාව" ග්‍රන්ථයේ සදහන් පරිදි ඔහු රාවණ පරම්පරාවට අයත් අතර පුද්ගල නාමය වන්නෙ " රණබා" යන්න ය.
මේ දස ඥානයන් මෙසේ දැක්වේ.
1 භාශා
2 නීති
3 දර්ශනය
4 පාලනය
5 භෞතික වු විද්‍යාවන්හි තාක්ෂණය
6 ආත්මභව ඥාණය
7 ජෝතිශ්‍යය
8 වෛද්‍ය විද්‍යාව
9 යුධ ශිල්ප
10 සංගිතය
ලංකාවතාර සූත්‍රය හා ආටානාටිය සුත්‍රය බුදුන් වහන්සේ විසින් රාවණාට හා කුවේරට දේශණා කල බව බුදුදහමේ ඉගෙන්නුවද බුදුනට පෙර ක්‍රි.පු.8 වන සියවසේ විසු නාගර්පුන ආචාර්යවරයා රාවණ රජු හා රස වෙදකම ගැන සදහන් කරයි.මේ ඉගැන්වීම් දෙක අතර පරස්පරයක් ඇත. නාගර්පුන පවසන පරිදි රාවණ රජුගෙ කාලය වන විට ප්‍රචලිත ව තිබු ' ලෝහවේදය' ඇසුරෙන් රාවණ රජු 'දේහවේදය' භාව්තයට ගත් බව පෙනේ.රසදිය පාවිච්චි කර විවිධ ලෝහ වර්ග බලගැන්වීමේ තාක්ෂණය මිනිස් සිරුරට ආදේශ කිරීම ඉන් අදහස් කෙර්. රසදිය නිශ්චල කර ස්වර්ණ (රන්) නිපදවිය හැකිය. එමෙන්ම ස්වර්ණවල අගය වැඩි කල හැකිය. මෙය ආශ්‍රිතව එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් 1998 දි රසදියෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා එන්ජිම් (මර්කරි වෝටෙක්ස් එන්ජිම) නිපදවා මර්කරි 1 හා මර්කරි 2 අභ්‍යාවකාශ ශටලයත් ගුවන්ගත කළේය.
අදත් අලුත උපන් බිළිදාගේ ශරිරය බලගැන්වීම අපේක්ෂාවෙන් කරනලද ' රන්කිරි කටගෑම' යනු රස ප්‍රතිකාර වලින් නෂ්ටාවශේෂ වු පුරුද්දකි. එහෙත් සිදුවිය යුත්තේ රන් ආභරණයක් මව්කිරෙන් ගල ගා ඒ කිරි දිව ගෑම නොව රසදිය මගින් බලගන්වන ලද, ඉන් නිපද වු රන් ගල ගා කිරි සමග දිව ගෑම ය.එහෙත් මේ සදහා 'රස සිද්ධ ලෝහ' අප අතර නැත.එමෙන්ම රස සිද්ධ පුද්ගලයන් ද වර්තමානයේ දි අප අතර නැත.
දේහවේදය හදුන්වා දි හපන්කම් කිරිමට රාවණ රජුට බලපෑවේ මේ වන විට ගුවන්යානය (දඬුමොනරය හෝ පුෂ්පක යානය හො) සදහා පොළොවේ විවිධ ස්ථරවලින් ලබාගත් විවිධ ලෝහ වර්ග රසදියවලින් බල ගැන්වීම බව භාරතීය විශ්වවිද්‍යාලයන්හි ආයුර්වේද පීඨවල උගැන්වීමයි. පොළොවේ විවිධ ස්ථරවලින් ලබාගත් ලෝහ තවත් රසායනයන් සමඟ මිශ්‍ර කරමින් හා සංස්කරනය කරමින් සැහැල්ලු වූද, ශක්තිමත් වුද, ඌෂ්ණත්වයට හා පීඩනයට ඔරොත්තු දෙන්නා වුද තත්වයට ගැනීම තුලින් දේහවේදය සංකල්පය වැඩිදියුනු කරන ලදි.පංච මහා භූතයන් ගෙන් නිර්මිත මිනිස් සිරුරු ද 'රස ' මගින් බලගැන්වීම තර්කයට ද එකඟ ය. මුඛයෙන් ශරීරයට ගත් ආහාරය පළමු වෙන්ම 'රස' බවට පත්වේ. රස ප්‍රතිකාරයන් ද මුඛයෙන් ඇතුලු කර ආමාංශගත කළ යුත්තේ එබැවිනි.
රස,රක්ත,මාංශ මේද,ඇට,ඇට මිදුළු, ශුක්‍ර යනු 'සප්ත ධාතු වේ.මුඛයෙන් ශරීරගත වු ආහාරය මේ අවස්ථා හත පසු කර අනතුරුව තවත් ජීවිතයක් බිහි කිරිමට හැකි ශුක්‍ර ධාතුව දක්වා විකාශනය වෙයි. රස අවස්ථා බල ගැන්වීම තුලින් ඒ අවස්ථා හතම ද බල ගැන්විය හැකිය.උත්තර භාරතීය ආයුර්වේදය තුල රස ශාස්ත්‍රය හෝ රාවණ හෝ මිත්‍යාවක් නොවන්නේය. එය ඇදහිල්ලක් ද නොවේ. ගැඹුරු පදනමක් එයට ඇති අතර පදනම ලෝකයට හදුන්වාදුන්නෙ රාවණ රජු විසිනි. රජෙක් වෛද්‍යවරයෙක් වන්නේ ද වැනි නූතන අපගේ බොළඳ ප්‍රශ්න භාරතයට වලංගු නැත.
රසදිය නිශ්චල කර රස ප්‍රතිකාර කරන අතර නිශ්චල කිරීම යනු දුවිල්ලක් දක්වා එය ඛන්ඩනය කිරීමය. රස දිය තේ හැන්දක් හෝ ගුළියක් හෝ බිමට අතහළ විට කුඩා කුඩා ගුලි විශාල සංඛ්‍යාවක් ඉන් සෑදි ඒ මේ අත දිව යයි. එසේ තව දුරටත් නොකැඩෙන පරමාණු දක්වාම රසදිය ඛන්ඩනය කිරීම පූර්ණ නිශ්චල කිරීම වන්නේය. රන් සෑදිම සදහා අවස්ථා 18 ක් රසදිය සංස්කරණය කළ යුතුය. භාරතීය ක්‍රම තුල අවස්ථා 8 ක් දක්වා එය නිශ්චල කිරීමට හැකියාව ඇත.ඉන් ඔබ්බට යෑමට ඔවුන් අපෝහොසත්ය. කෞටිල්‍ය නොහොත් චාණක්‍ය බ්‍රාහ්මණයා විසින් චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජයා සමයේ දි ලියන ලද " අර්ථ ශාෂ්ත්‍රයෙහි" ද රස සිද්ධ ස්වර්ණ ගැනත් ඒවා සාදන ආකාරය ගැනත් විස්තර වේ. රස සිද්ධ පුද්ගලයෙක් ලෙස හැදින්වෙන්නෙ රස ශරීරයට සිද්ධ ( අවශෝෂිත) වු අයෙකි.බෙහෙත් වැළදිමෙන් පමනක් ඒ තත්වයට පත්විය නොහැකිය. නියමිත ආහාර නියමිත ප්‍රමාණයෙන් පමනක් වැළදිම ,සිත සමාධිගත කරගෙන සිටිම, නැකැත් හා මූහුර්ත අනුව කළ යුතු දේ ඉටුකිරිම, වත්පිලිවෙත් රැකීම , ග්‍රහපූජා පැවැත්වීම, ද්වේශ ඊර්ෂ්‍යා ආදි ක්ලේෂයන්ගෙන තොර ව වීසිම ආදි සුවිශේෂි ජීවන රටාවක් තුළ ඔහු ක්‍රියාත්මක විය යුතුය. රස සිද්ධ පුද්ගලයා ශක්තිය සමඟ ජීවත් වේ. ශක්ති යනු ද්‍රව්‍යයෙන් ඔබ්බෙ ඇති ද්‍රව්‍යයට මුල වු ස්භාවයයි.රස සිද්ධ පුද්ගලයාට සිරුරෙන් ( ද්‍රව්‍යයෙන් ) මනස වෙන් කර මොහොතක් තුල විශ්වයේ කැමති තැනකට යවා ඊළඟ මොහොතේ ආපසු ගෙන්වාගත හැකිය. කෙනෙකුගේ රූපයේ ඡායාවක් නැත්නම් කටහඩක්, රූපවාහිනි හො ගුවන්විදුලි සදහා ඉලෙක්ට්‍රෝනික පණිවිඩයක් ලෙස තරංග ඔස්සෙ තව තැනකට යැවීම නමැති ඉතා ළාබාල අවස්ථා ව දක්වා පමනක් වර්තමාන විද්‍යාත්මක ලෝකය දියුණු වි ඇත. එය ආපසු ගෙන්වාගැනීමට මනස අවශ්‍ය ය.
ශරීරය ජරාවට (වයසට) යා නොදි පවත්වාගැනීම ,මනස ඉවත් වු විට ශරීරය මිය යා නොදි රුධිර ධාවනය හා කෙස් ,නිය වැඩීම සිදු වන පරිදි පවත්වාගැනිම,නොපෙනි සිටිම,අහසින් යෑම( සිටි තැනින් අතුරුදහන් වී වෙන තැනක පිහිටිම) ආදි රස සිද්ධ පුද්ගලයාට කළ හැකි ය.
රහතන් වහන්සේලාට ශරීරය නවතා තබා මනස සමඟ පමනක් ජීවත් විය හැකිය. එබැවින් ඉහත සදහන් සියලු දේ ද කළ හැකිය.රාවණ රජු කලේ එහි විරුද්ධ දෙය ශක්තිමක් කිරීමය. එනම් මනස නවතා තබා ශරීරය සමග ජීවත් විමයි. එබැවින් රාවණ ගේ පුද්ගල හැකියාව ,ශරීර ශක්තිය අනෙකා ජය ගැනීම ආදි දේ ඉතා ඉහල මට්ටමක විය.මේ අධි හැකියාව වාල්මිකි විසින් රාවණ රජු දුෂ්ටයෙකු ,සල්ලාලයෙකු හා රකුසකු කිරිමට යොදාගන්නා ලදි. වර්ගපූර්ණිකාව දැක්වෙන පරිදි රාවණ රජු ඉතා තැම්පත්,ස්ථීරසාර, විනිත හා යුක්තිගරුක පුද්ගලයෙක් විය.රාමායණය නම් වීර කාව්‍යයට දුෂ්ඨයාගේ චරිතයට රාවණා රජු තෝරා ගැනිම විකෘතියකි. එබැවින් රාමායණය රාවණ ගෙන් වෙන් කර ඓතිහාසික රාවණ හැදිනගත යුතුය.
වාල්මිකි විසින් රාමායණයහි නිරුපිත අයුරු රාවණ රජුට විවිධ වේශ ගැනිමට පුලුවන.නොපෙනි සැඟවි සිටිමටද පුලුවන.මේ නාගර්ජූන විසින් රස වෙදකම යටත රාවණ රජු විස්තර කරන ලද ආකාරය යි.නාගර්ජූන ගේ විස්තරය ඓතිහාසික වන අතර වාල්මිකි ගේ විස්තරය සාහිත්‍යාත්මකය. මේ මධ්‍යයේ දසරථ ජාතකයද හැදෑරිය යුතු අතර බෝධිසත්ව රාම කුමරුන් ගේ සත්‍යගරුක, එඩිතර හා ගුනවත් බව එහි පැහැදිලිය. මේ යහපත් කුමරුගෙ චරිතය ඉස්මතු කිරිම පිනිස රාවණා රජු දුෂ්ඨයා ලෙසට ගෙන රාමායණය ලිවීම බජාර් එකේ භාශාවෙන් කියන්නෙ නම් වීර කාව්‍යයක් සම්පාදනය සදහා රාවණා රජු බයිට් එකට ගෙනිමක් බදුය.
රස සිද්ධ පුද්ගලයෙකු විසින් ශරීරය ජරාවට යෑම වළක්වාලීමේ ක්‍රියාවලිය හදුන්වන්නෙ රසායන ලෙසටය. දීර්ඝායුෂ ,සිහිය,බුද්ධිය, නීරෝගි බව,තාරුණ්‍යය හා වර්ණය ඊට අයත්ය.මේ රසායන ක්‍රියාවලිය නිසා ශරිරය බලවත් වි ඊට අවශ්‍ය පරිදි සිත මොහයවිය හැකිය. මේ පැවැත්මේ දහම යි.බුදුදහම යනු ඊට හාත්පසින්ම විරුද්ධ දෙය වන නැවැත්මේ දහමයි. සිත බලවත් වි ශරීරය හසුරාවා ශරීරය නැවැත්වීමේ ක්‍රමය බුදුදහමේ ' නිවන ' ලෙස විස්තර වේ.රසායනය තුළ එය 'මොක්ෂය' යි.
වෛද්‍ය කර්මයන් දත් සෘෂිවරුන් අතරින් ද රස ශාස්ත්‍රය දත් අය ඉතා අල්පය. ක්‍රිස්තු වර්ෂයෙන් පසු ව සියවස් වල පවා වෙද පවුල් කිහිපයක් පමනක් රස ශාස්ත්‍රය උගෙන ඉතා රහසිගතව වනගත ස්ථානවල දි රන් නිපදවීම හා මිනිස් සිරුරට හිතකර ඖෂධ වර්ග නිශ්පාදනය ද කළහ.රස ශාස්ත්‍රයෙ මූලධර්ම ලියවුණු පතපොත හා ඒ දන්නා වෛද්‍යවරු ද ලංකාවේ ඇතත් සංස්කාරයන් පුරාණයේ මෙන් දියුණු අන්දමට නොවේ. රාමායණය කියවිමේ දි රාවණ රජු මහා වෛද්‍ය විශේෂඥයෙකු බව හැඟි නොයයි. රස සිද්ධ පුද්ගලයෙකු ලෙස ඔහුට තිබු මහා ශක්තිය එඩිතර බව,රණශූරත්වය, නොනසින ධෛර්යය ආදිය වාල්මිකි විසින් දඩබ්බර,දුෂ්ටයෙකු හා රාක්ෂ ගති ඇති අමනුෂ්‍යකු බවට පරිවර්තනය කර දැක්වීමට සමත් වී ඇත. තාඩක ඇතුලු රකුස් ජනතාව 12000 පමන ඝාතනය කළ හා සුපර්ණිකාගේ නාසය කැප්ප වු රාමා තමා ළඟට ගෙන්වා ගැනීමට සීතාව පැහැරගෙන ආ බවක් රාමායණය කියවන විටදි හැඟි යයි. සීතාවට කිසිම අතවරයක් නොකරන ලද බව ඒත්තු ගැන්වීමට වාල්මිකි වගබලාගෙන ඇත.
පැරණි මිසරයේ ද (ඊජිත්තුව) හදිසියේ නොපෙනි යන (අතුරුදන්) හා නැවත පෙනි සිටින, අහසින් ගමන් කරන ,මහලු වියට පත්නොවන ඉන්ද්‍රජාලිකයන් ගැන බොහෝ තොරතුරු ඇත.ඔවුන්ට විවිධ දේ අවස්ථානුකූල ව මැවිය හැකිය.පර්සියාවේ පලසක හිදගෙන අහසේ ගමන් කල හැකි මන්තරකරුවන්ද එංගලන්තයේ කොස්සට හෝ ඉදලට නැග අහසින් යන මන්තරකාරියන්ද (Witches) ගැනද කතන්දර බොහෝය. මේ සියල්ල බොරු බේගල් නොවේ. මහාංවශයේ කුවේණිගේ ඉන්ද්‍රජාල ද බෞද්ධ හා ජාතක කතාවන්හි යකුන් හා රකුසන් ගේ විවිධ වේශ ගැනිම් හා මැවීම්ද කියවිමට ඇත්තෙ එබදු විද්‍යාවන් පුරාතන ලෝකයේ තිබු නිසාය. ඒ සියල්ල අද කතන්දර ලෙසට පමනක් ශේෂවි තිබේ. රාවණ යුගයේ රස ශාෂ්ත්‍රය මඟින් මේ හපන්කම් සියල්ල සිදු කල අතර ඒ සිදුවීම් අද දින අප විසින් මිත්‍යා පුවත් ලෙස සලකන්නෙ පෙරදිගට ආ යුරෝපීය අධිරාජ්‍යයවාදීන් ඒ සියල්ල ඒ ලෙස දුටු නිසා ය.රාජකීය ආසියාතික සංගමය එහි දි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය.
- තෙවන කොටස පසුවට -
No comments:
Post a Comment