Thursday, February 21, 2019

āļģා⎀āļĢා āļģāļĸු āˇƒāˇ„ āļŊංāļšාāļ´ුāļģāļē - āļ´āļŊāļ¸ු āļšොāļ§āˇƒ

⁣ඓතිහාසික රාවණා කතාවේ සුළමුල.

අදින් වසර 20 කට පෙර නොතිබු රාවණා රජු පිළිබඳ සමාජ අවධානයක් අද ඇත.රාවණා යනු වීර කාව්‍යයක් වන රාමායණයේ ඇත්තා වු ද වාල්මිකි විසින් ගොඩ නංවන ලද්දා වු දුෂ්ඨයාගේ චරිතය බව තවත් පිරිසක ගේ මතයයි.සමහර ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ රාවණා රජු මිත්‍යාවක් ලෙසට පහසුවෙන් ම බැහැර කරති.

රාවණා රජු පිළිබඳ කියවෙන මහා භාරතය සහ රාමායනය යන සංස්කෘත වීර කාව්‍යයන්  දෙක දෙසට බටහිර උගතුන් ගේ අවධානය යොමු වුනේ 1944 අගෝස්තු 6 වන දින දීය. එනම් හිරෝෂිමා නගරයට පරමානු බෝම්බය දමමින් අප පරමාණු යුද්ධයක පලමු අත්දැකිම ලද අවස්ථාවේ දිය. මහා භාරත යුධ විස්තරයෙහි එක්තරා තැනක අැති අහසින් ගිනිගුලි දමා සිදුවු ක්ෂණික සුවිසල් විනාශය ඒ වන තෙක් ඉංග්‍රිසි උගතුන් දුටුවේ කවියෙකුගේ උමතු සංකල්පයක් ලෙසටය. එහෙත් ඒ යුධ විස්තරය හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරයේ දි එලෙසම  දක්නට ලැබිම නිසා කාගේත් අවධානය ඒ වෙත යොමු විණි.
මහා භාරතය හා රාමායණය කිය වු ඉංග්‍රිසි හා ඇමරිකා මානව විද්‍යාඥයෝ ඉන් නතර වුහ. එහෙත් 1971 න් පසුව නැඟි ආ තරුණ මානව විද්‍යාඥ්යෝ  තවත් හෝඩුවාවක් පසු පස ගමන් කළහ.එනම් සංස්කෘත සාහිත්‍යයේ එන "පුරාණ" නමැති ග්‍රන්ථයක් තුලටය.සකු බසින් "පුරාණ" යන්නෙහි අර්ථය "ඉතිහාසය" නම් වේ. මේ දහඅට පුරාණයන්හි කිසියම් රටක හා ජාතියක ගේ ඉතිහාස කතන්දරය ඇති බවට ඔවුන් අනුමාන කළහ. ඒ මගින් ඔවුන් එළෙඹියේ "හෙළ අසුර අධිරාජ්‍යය" නමැති සංස්කෘතික අධිරාජ්‍යයක් කරා පමනි.එය පෘථිවි ගෝලයේ කුමන කලාපයක පිහිටියේ දැයි නිශ්චය කිරීමට මානව විද්‍යාඥ්යින්ට නොහැකි විණි.

1986 දි යථාර්ථයක් හා ඓතිහාසික සත්‍යයක් බවට පළමුවෙන්ම සනාථ වුනේ පුරාණ ලෝකයේ ගුවන් යානාය. ඊජිත්තුවේ පිරීමිඩ දේවාලයක බිත්තියෙහි මැටියෙන් අඹා තිබුනු ගුවන් යානා වර්ග 4ක ආකෘති ලොව මවිත කරන ලදි. කාබන් පරික්ෂණ අනුව එය අවුරුදු 4500 ක් පැරණි බව එළිදරවු විණි. සංස්කෘත ග්‍රන්ථයක් වු "වෛමානික ශාස්ත්‍ර" අනුව යමින් 1998 දි එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් රසදිය ඉන්ධනය ලෙස යොදාගෙන ක්‍රියාත්මක කරන "මර්කරි වෝටෙක්ස් එන්ජිම" සහිත T - 3B නමැති ගුවන් යානය සාර්ථක ලෙස අතුහදා බලන ලද්දෙ නෙවාඩාහි 'ඒරියා 51' නමැති රහස් කලාපයේදි ය. මේ අතර ම 1998 අප්‍රෙල් මාසයේදි ඇමරිකන් විද්‍යාඥ්යින් විසින් ඉරාක⁣ය නොහත් පැරණි බැබිලෝනියාවේ කල කැණිමකද හමුවුනු පිළිස්සු මැටි පුවරුවලින් තහවුරු වුනේ ගුවන් යානා වලින් ආ සිංහ මිනිසුන් විසින් කියා දුන් අයුරු බැබිලෝනියානු ශිෂ්ඨාචාරය බිහි වු බවය . මේ බව 1998 මැයි මාසයේ දි හෙළදරවු කලේ " ඉතිහිස චැනලය" ( History Channel) නමැති ඇමරිකන් රූපවාහිනි චැනලය යි.

2003 වසරේදි සාගර දූෂණ කොමිසම විසින් ඉන්දියාවේ බටහිර වෙරළ දෙසට මුහුදු පත්ළ ස්කෑන් කර බැලීමේදි බොම්බායෙන් සැතපුම් 200 පමන උතුරේ ඇති කුම්බේ බොක්කෙහි අඩි 4000 ක් ගැඹුරු මුහුදු පතුල  ස්කෑන් කරන ලදි. එවිට හමුවුයේ මෑන්හැටන් දූපත්( නිව්යෝර්ක් නගරය ) තරම් විශාල වු ගිලා බසින ලද මහා නගරයකි. රාමායණයේ දැක්වෙන දණ්ඩකාරණ්‍යයේ පාලන මධ්‍යස්ථානය (අගනුවර) වන ' ජනස්ථාන් ' විස්තරය සමඟ මේ සොයාගැනීම සැසිදිනි. " පුරාණ " තුලින් මතුවු අසුරයන්  ගේ සංස්කෘතික අධිරාජ්‍යය ඓතිහාසික බවට පත්වන්නට වුනේ 1990 දශකය තුලදි පමනය. එහි හදුනාගැනිමට හැකි පැරණි ම රජ වන්නෙ හිරන් කසුබ්  ( හිරාණ්‍ය කාශ්‍යප) රජ ය. වත්මන් කැස්පියන් මුහුද  ( කසුබ් සි > කාශ්‍යපියන් සි > කැස්පියන් සි ) කසුබ් රජුගේ නමින් නම් කර ඇත.රාවණා රජු ගැන තොරතුරු සොයාගැනිමට රාමායණය හැරුනු විට ඇති ප්‍රධානම මුලාශ්‍රය " රස වෙදකම " යි . මින් අදහස් වන්නෙ රසදිය සම්පූර්ණයෙන්ම නිශ්චල කල ප්‍රතිකාර ලෙස යොදාගැනීමය. නිශ්චල කරන ලද රසදිය ප්‍රතාකාර මගින් ' අහසින් යෑම, නොපෙනි සිටිම, ජරාවට යෑම ( වියපත් වීම) වළක්වා ගැනීම, මෘතදේහය තුල රුධිරය ධාවනය වි කෙස් නිය වැඩිම" ආදි ආශ්චර්යවත් දේ සිදුවන බව අායුර්වේද ඉතිහාසය උගන්වයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද පීඨයේ රස වෙදකම පිළිබඳ කථිකාචාර්යවරියක තම ප්‍රශ්චාත් උපාධිය සඳහා බරණැස විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවේ ඇගෙ මහාචාර්යවරයා ඇගෙන් අසා ඇත්තෙ රස වෙදකම උපන් රාවණ රජුගේ රටේ ඔබ ප්‍රශ්චාත් උපාධිය සදහා බරණැස විශ්වවිද්‍යාලය තෝරගත්තෙ ඇයි ද යනුවෙනි. අපගේ හීනමානය ඒ මහාචාර්යවරයා හොදින් තේරුම්ගන්නට ඇත.

රාමා හෝ සීතා මෙන් රාවණ රජු පරපුරක් නැති  අයෙක් නොවේ.මහා බ්‍රහ්මගේ මානස පුතුන් සත් දෙනා අතුරින් පුලස්ති එක් අයෙකි. මානස පුත්තු යනු දියුනු මනසක් ඇති ශිෂ්‍යයන් 7 දෙනාය. පුලස්ති යනු සෘෂිවරයෙකු බව පොළොන්නරුවට ගිය විට අවබෝධ වේ. ඉනට රෙදි කඩක් පමණක් හැඳ පුස්කොළ පොතක් දෑතින් දරාගත් රූපය මහා පරාක්‍රමබාහු රජු ලෙසට මහාචාර්ය පරණවිතාන විසින් හැදින්වුව ද එය  ඉතා බොළඳ මතයකි. රජකුගේ රූපයක් ඇඹිම නිතරම සිදු වි ඇත්තෙ රාජාභරණ සහිතවය. පුස්කොළ  පොත නගුලෙහි ඊ ගස ලෙසට දැකීම දෙවන දුර්වලකමයි. 10 වෙනි සියවසට පමන අයත් අකුරින් " පුලතස " යනුවෙන් රූපයේ හිස පිටුපස කොටා ඇත්තෙ ඒ රුව කාගෙදැයි  හැදිනගැනීමටය. අත් වැරැද්දක් නිසා  පුලස්තිට  සිදුවුයේ  තෘණබින්දු සෘෂි දියනිය වු ' හවිර්ගු' විවා කරගැනීමට ය. ඒ දෙපලට දාව උපන් දරුවා විශ්‍රවස් (විසව) වේ. රාවණ රජු කෛසී බිසවගේ කුසින් උපන්නෙ විශ්‍රවස් මුණිට දාවය. රාවණා විවහ වුයේ මය අසුරගෙ ( විශ්වකර්ම) දියණි මන්දෝදාරි සමඟය. රාවණාගේ පුත්‍රයෙකු වන ඉඤු ( ඉන්ද්‍රජිත්) ගේ පුත් අගිය, අගිය ගේ පුත් තෙඤය., තෙඤ ගේ පුත් තිමිර ආදි ලෙස පරම්පරාව හදුනාගැනිමට ඇත. එමෙන්ම ශොහිලි නමැති රාවණාගේ දියණියක් ද හදුනාගත හැකිය. ලංකා ශිලා ලිපි සංග්‍රහයේ 435, 106, 819, 515 යන ලිපිවලින් මේ නම් දැනගත හැක .  වරිගපූර්ණිකාව නමැති මානෑවේ යක්ෂ ගෝත්‍රිකයන් ගේ තොරතුරු ඇතුලත් පොතෙහි සදහන් වන්නෙ රාවණාගේ උපේන්ද්‍රමිනි නමැති පුත්‍රයෙකු හා ඔහු ගේ පුතුන් දෙදෙනෙකු ( මුනුබුරන්) වන රවි ශෛලාෂ හා කේවේශෂ්ථ ගැනය. රවී ශෛලාෂ රිටිගලද , කේවේශෂ්ථ  කන්කසන්තුරෙ ද  රාජ්‍යය කලහ. මෙය සනාථ වන්නෙ 1982 මහාචාර්ය රාජ් සෝමදේව කන්කසන්තුරය අසල කල පුරාවිද්‍යා කැණිමකදි කෙවත ( කේවේශෂ්ථ ) යන නම සඳහන් තබ තහඩුවක් ලැබීම නිසා ය.

රාවණා රජුගේ සහෝදරයෙක් ලෙස රාමායණයෙ දැක්වෙන කුඹුක්කන් කුමරු ( කුම්භකර්ණ) ලොව ඉතිහාසගත පළමු අමුන බැද කුඹුක්කන් ඔයෙන් ජලය ලබාගෙන ගොවිතැන් කර තිබේ. කුඹුක්කන් ඔය ඔහුගේ නමින් ඉන් පසු අද දක්වා හැදින් වේ. මේ අමුණින් ජලය ලබා අක්කර 21000 විශාල මහා වෙල් යාය 1818 දක්වා වගාකරන ලදි. 1817  වෙල්ලස්ස නිදහස් අරගලයට මහවෙල් යායෙන් බත සැපයු නිසා බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තැන මේ අමුන වෙඩි දමා විනාස කර ඇත. ඉන් පසු මැණික් ගඟ හා කුඹුක්කන් ඔය අතර ඇති ශක්ති කලාපය  යාල අභය භූමිය ලෙස නම් කර එහි සිටි ජනතාව ඉන් ඉවත් කර පහළ ඌවේ පදිංචි කරවන ලදි. ලංකාවේ ශක්ති කලාපය මෙසේ වනගත කර ඉංග්‍රීසින් ගේ ලංකා සිතියමෙන් 'වෙල්ලස්ස' යන නාමය ද ඉවත් කර ඇත.

පුලස්ති පරම්පරාව සෘෂි වරුන් මෙන්ම වෛද්‍ය පරම්පරාවක් ද වන්නේය.. සුශ්‍රැත සංහිතාව ( සංස්කෘත ) අනුව හිමාලයේහි ලොව පලමු වෛද්‍ය සම්මේලනය පැවැත්වුයේ ද රාවණ ගේ සීයා වන පුලස්ති සෘෂිවරයා ය.  වා, පිත, සෙම් යන ත්‍රි දෝෂ සංකල්පය ද පුලස්ති ගේය. පුලස්තිගේ පරම්පරාවේ හැම සෘෂිවරයෙක්ම වෛද්‍යවරයෙක් විය.ඒ වගේම ඔවුන්ට  ඔසු උයන් ද විය. පුලස්තිගේ ඔසු උයන මාලිගාවිල පිහිටියේය. පානම් පත්තුවේ වැසියන් අදත් පවසන පරිදි මාලිගාවිල බෝසත් පිළිමය නාථ දෙවියන්ගෙ  නොව පුලස්තිගේ ය.

වෙස්සගිරියෙහි ( අනුරාධපුර ) ඇති සෙල්ලිපි දෙකෙහි තෘණබින්දු (තණ චොඩක) හා විශ්‍රවස් ( විසව) ගැන සදහන් ය.

කුමාර තන්ත්‍ර, නාඩි ප්‍රකාශ,මර්ම විඥාණ, විධි වෛධික වැනි වෛද්‍ය ග්‍රන්ථ රාවණා රජු විසින් සම්පාදනය කර තිබේ.සංස්කෘත භාශාවෙන් දැනට ශේෂ වි ඇති මේ ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය කර ප්‍රසිද්ධ කර වෙළඳපොලෙහි ඇත.

වර්ගපූර්ණිකා නමැති ග්‍රන්ථයට අනුව කන්කසන්තුරය අසල " පදිසගිය මන්ඨාලි " නමැති ඔසු වනය ආශ්‍රිත පෙදස කේවේශෂ්ථ නම් රාවනාගේ මුනුපුරා පාලනය කර ඇත. රිටිගල රවි ශෛලාෂ ගේ ඔසු උයන "අරවුද සෝත " නම් විය. රාවණ සමය වන විට රසදිය ඇසුරින්  ගුවන්යානා ක්‍රියාත්මක කිරිම ' ලෝහවේදය' ලෙස හැදින්වින.රාවනා රජු කලේ එයම මිනිස් සිරුරට ආදේශ කරමින් ' දේහවේදය' සොයාගැනීමයි. රස වෙදකම ලෙස ද අද හැදින්වන්නෙ එය යි.

ලංකාවෙහි මහාවංසය මෙන් කාශ්මීරයේ රාජ පරම්පරාව ගැන ලියවි ඇත්තෙ රාජතරංගනිය යි. එහි දැක්වෙන අයුරු  කාශ්මීර රජ පවුල ඇරඹෙන්නෙ රාවණ සොයුරු විභීෂණගෙනි. අනතුරුව ඉන්ද්‍රජිත්, 1 රාවණ හා 1 විභීෂණ රජ වීම ගැනත් රාජතරංගනිය පවසයි.

සංස්කෘත මහායාන බෞද්ධ ග්‍රන්ථයක් වන ලංකාවතාර සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුන් විසින් ( කවර බුදුන්දැයි නොසදහන් ) ලංකාවතාර සූත්‍රය දේශණා කරන ලද්දෙ දසිස් රාවණාට ය. ඒ දෙසුම පැවැත්වුයේ සමනළ ගිරි කන්දෙහි ය.

රාවණ රජුගේ පාලන මධ්‍යස්ථානය කොහේ පිහිටියේ දැයි නිශ්චය කල නොහැක. ක්‍රි.පු.4 වන සියවසේ දි  ග්‍රික ජාතික ප්ලේටෝ විසින් ලේඛනගත කරන ලද අත්ලාන්තිස් පුරවරය ( City of Atlantis ) වාර්ථාවේ දැක්වෙන ස්ථානය හා රාමායණයේ එන හනුමා විසින් දුටු ලංකාපුර විස්තර ද එකම ස්ථානයකි. මේ බව සොයාගැනුනේ 2000 වසරේදි ය. එ බැවින් දැන් බටහිර යුරෝපීයයන් අත්ලාන්තිස් පුරවරය සෙවිමේ උනන්දුව අඩු කර ඇත.

අග්නිදිග ලංකාවේ පානම හා පොතුවිල අසල ඇති මහා රාවණා කොටුව හා කුඩා රාවනා කොටුව ආශ්‍රිත ව රේඩාර් මගින් සොයාගත් "ඒර්සියාව" නමැති ගිලි ගිය පුරවරයක් ඇත. මේ ස්කෑන් කිරිම සිදුවුනෙ 2009 වසරේදිය.මෙයට අයත් භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 4,50 000 පමන වේ.මෙහි ඇතැම් ඡායාරූප අන්තර්ජාලයේ ඇත.

ලග්ගල ,මීමුර,තෙල්දෙනිය වැන ප්‍රදේශවල ද අග්නිදිග ලංකාවේ පානම්පත්තුවේ හා පහළ ඌවේ ද දෙව්න්දර හා බලංගොඩ ප්‍රදේශවල ද රාවණ ගැන ජනප්‍රවාද බහුල ය. මේ හැම ජනප්‍රවාදයකින්ම කියවෙන්නේ රාවණ රජුගේ හපන්කම් ගැනය.අසත්‍ය කතා ප්‍රවෘත්තියක් අවුරුදු හාර පන්දහසක් කල් කටින් කට පැවත ඒම ලෝකයේ කිසි තැනක සිදුවි නැත.

රාවණ රාගය නම් සංගිත රාගයක් ද ඉන්දියාවේ ජනප්‍රියව පවති.ඒ වගේ ම රාවණ වීනාව ලෙසින් සංගිත භාණ්ඩයක් ද පවති.ශිව තාණ්ඩ ස්තෝත්‍රය රාවණ විසින් රචිත ස්තෝත්‍ර ග්‍රන්ථයකි.

හිමාලය මුදුනෙහි ඇති වේරම්බ වාතය නමැති වායු ධාරාවේ රාවණ රජුගේ ප්‍රාණය රඳවා ඇති බව  කිම එක් ජනප්‍රවාදයකි. එමෙන්ම මේ වායු ධාරාවෙ ම රාවණා ගෙ බලවත් ම අස්ත්‍ර (ආයුධ) තුන සඟවා තිබු බව රාමායණය පවසයි. විභීෂණ ඉන් එක් අස්ත්‍රයක් රාම කුමරුට ලබාදුන් පසු ඉන් පහර දි රාවණාව මැරූ බව රාමායණ කතෘ පවසයි. ඉතා වැදගත් කරුන වන්නෙ මේ වේරම්බ වාතය නමැති වායු ධාරාව 1941 දි යුරෝපීය ගුවන් නැව්යන් විසින් සොයාගැනීම ය. එය අඩි 25000 - 30000 අතර අහසේ ක්‍රියාත්මක වේ. 1941 පසුව එය හදුන්වන්නෙ ජෙට් ධාරාව ( Jet Stream ) නමිනි. එයට හේතුව නම් එක් පසෙකට යන ජෙට් යානාවල වේගය දෙ ගුණ වීමත් ඊට විරුද්ධ පාර්ශ්වයට යන විට ඒවායේ වේගය 50% අඩු වීමත් නිසාය.

ඓතිහාසික වු රාවණ රජුගේ චරිතය වාල්මිකි විසින් වීර කාව්‍යයකට ගැලපෙන පරිදි වෙනස් කර ඇත.එහි වීරයා හා දුෂ්ඨයා සිටිය යුතු ය.කාන්තාවක් අරභයා ගැටුමක් , යුද්දයක් තුලින් වීරත්වය හුවා දැක්විම අාදි  අංග ලක්ෂණ වීර කාව්‍යයන් තුල අන්තර්ගත විය යුතුය.එබැවින් රාවණා දුෂ්ඨයා ලෙසත්  රාමා විරයා ලෙසත් දැක්වේ. ගැටුමට මුල් වන්නෙ සීතා කුමරියයි. රාවණා යුද්ධය රාමායණය තුල ඇත්තෙ මින් පසුවයි.

වාල්මිකි ජීවත් ව සිටි යුගයට පෙර අසන්නට ලැබු බලවත්ම පාලකයා ,රණ ශූරයා රාවණා රජුය. එබැව්න් රාමාට එරෙහිව දුෂ්ඨයා ලෙස රාවණා චරිතය සකස් කරගෙන තිබේ. මහා ඇලෙක්සැන්ඩර් රජුට පසුව වාල්මිකි විසුවේ නම් රාවණා වෙනුවට ඇලෙක්සැන්ඩර් ඒ දුෂ්ඨයා වන්නට ඉඩ තිබිණි.



දෙවන කොටස පසුවට...

4 comments:

Unknown said...

Patta machan oka thama eththa

Anonymous said...

Good

Author said...

āļ‘āļŊ āļļං.āļ‰āˇƒ්⎃āļģ⎄āļ§ āļ…āļąිāļ­් āļšොāļ§āˇƒ් āļ§ිāļšāļ­් āļ¯ාāļą්āļąāļ¸්❤

Unknown said...

⎃ුāļ´ිāļģි āļ…āļēිāļēා 👌 āļ¸ාāļģ āļ‰āļą්āļ§්‍āļģ⎃්āļ§්

• āļœāļĢිāļ­āļēේ āļ‹āļ´āļ­

āļœāļĢිāļ­āļē āļēāļąු ⎀ිāļ¯්‍āļēා⎀ේ āļģැāļĸිāļą āļēāļēි āļļāļ§āˇ„ිāļģ ⎀ැ⎃ිāļēෝ āļšිāļēāļ­ි.⎄ෝāļŠි āļ´āļą්āļ­ිāļēේ ⎃ි⎃ු⎀ාāļœේ āļ´āļ§āļą් āļ¸āˇ„ා ⎀ිāļ¯්‍āļēාāļ°āļģāļēා āļ¯āļš්⎀ා āļšොāļēිāļšාāļ§āļ­් āļœāļĢිāļ­āļē ⎄ා āļ‰āļŊāļš්āļšāļ¸් āļąැāļ­ි⎀āļ¸ āļļැāļģිāļē. āļœ...