Tuesday, March 12, 2019

āļģා⎀āļĢ āļģāļĸු āˇƒāˇ„ āļŊංāļšාāļ´ුāļģāļē - ⎃āļ­āļģ⎀āļą āļšොāļ§āˇƒ

මහා වෙදදුරු රාවණ = 2

මහා වෙදදුරු රාවණ 1 වන කොටසින් අප කතාකලේ කුමාර තන්ත්‍රය, උඩ්ඩීස තන්ත්‍ර සහ නාඩි ප්‍රකාශ ගැන ය. අද කතාකරන්න යන්නෙ. අර්ක ප්‍රකාශ ,මර්ම විඥාණ සහ විධි වෛද්‍යක ගැනය..

මුලින් ම අර්ක ප්‍රකාශ හදුනාගනිමු.

ශාක වල ඇති සාරය පැසෙන්නට හැර ජලය මිශ්‍ර කර එය උණු කර ඉන් නැඟි වාශ්පය සිසිල් කර සාදාගන්නා  අරිෂ්ට, ආසව නිපදවීම විස්තර කෙරෙන ග්‍රන්ථයකි. ලංකාවේ වර්ශා කාලයටත්, භාරතයේ  ශීත සෘතුවේ දිත් ශාඛ දාර  සොයාගැනිම අපහසු වීමේ දුෂ්කරතාවය මඟහරවා ගැනීමට මේසේ අරිෂ්ට ,ආසව වර්ග (පෙරාපු බේත්) සාදාගැනීම අවශ්‍ය විය. මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ දෙදෙනෙකු අතර ඇති වන සංවාද ස්වරූපයෙන් වීම විශේෂ ලක්ෂණයකි. අර්ක යන්ත්‍රය සාදාගන්නා  ආකාරය ,ශාක යුෂ  පැසවා සකස් කරගන්නා ආකාරය, ඒ (පැස වු) මිශ්‍රණය උණු කර වාශ්ප කරගැනීම  ඒ වාශ්ප  සිසිල්  කර බදුනකට එකතු කරගැනීම යනාදි විස්තර අර්ක ප්‍රකාශ තුල  විස්තර වේ.
ද්‍රව්‍ය ,ගුණ,මාත්‍රා යෙදීම්  යන ශීර්ෂ යටත මුලු ක්‍රියාවලිය වර්ග කර ඇත. 'අර්ක' නමැති පැරනි වචනයේ 'ර' හල් කිරීම වෙනුවට 'ක' යන්න හල් කර ' අරක්' යනුවෙන් ඒ ඔෟෂධය හා ක්‍රියාවලිය ඉංග්‍රිසි භාශාවට බිඳගෙන සුරාවට යොදා ඇත. සිංහලෙන් එය ම ' අරක්කු ' ලෙස හැදින්වේ.උණු කර වාශ්ප බවට පත් කර සිසිල් කරගෙන අරක්කු පෙරීම යුරෝපියන් ගෙන් පුරුදු විම ඊට හේතු වේ.

මර්ම විඥාණ

මුලික වශයෙන් නිල ශාෂ්ත්‍රය ගැන මෙහි සඳහන් අතර ශරීරයේ නිල පිහිටි ස්ථාන හා ඒ නිලවල ප්‍රබල හා දුර්වල ස්වභාවයන ද එහි විස්තර කෙරේ. ඒ නිල ස්පර්ශ කිරීම කෙසේ කළ යුතු ද , කුමන දිනවල  කුමන වෙලාවල දි  කෙසේ ස්පර්ශ කිරිම රෝගවලට සුදුසු ප්‍රතිකාරයක් ද යන්න එහි දැක්වේ.ශරීරයේ  මර්ම ස්ථාන  යනුවෙන් හැදින්වෙන්නෙ බලවත් නිල පිහිටි ස්ථාන ය.ඒ ස්ථාන ස්පර්ශ කිරිම හා තදින්  කම්පනය කිරිම මගින් විවිධ වු ප්‍රතිපල ලබාගත හැකිය. ශරීරය ප්‍රබල කිරීම හා අක්‍රිය කිරීම යන ක්‍රියා දෙකම මේ අනුව  සිදුකිරීමට  පුලුවන. ෆාහියන් නමැති චීන ජාතික සංචාරක භික්ෂුව  ලංකාවේ පැවති ' විදුම් පිළිස්සුම්' නමැති නිලයන් කම්පනය කිරිමේ ශාෂ්ත්‍රය (විද්‍යාව) තමන් විසින් චීනයට ගෙනගිය බව සදහන් කරයි. වර්තමානයේ දි 'අකුපන්චර්' නමින් අප නැවතත් චීනයෙන් ලබාගෙන ඇත්තෙ ද එය මය. ශල්‍ය කර්ම සදහා නිර්වින්දනය කිරිමටත් යුද්ධයේ දි හා සටන්වලදි ප්‍රතිවාධියාට ශාරීරික හානි නොකර ඔහු මෙල්ල කරගැනිමටත් මේ උපක්‍රම ම භාවිත කරන ලදි. දේශිය වෙදකමට ශල්‍යකර්ම ඇතුලත් අතර ඒ සදහා රෝගීයා නිර්වින්දනය කිරිමට බහුල ලෙස මේ ක්‍රම භාවිත විණි.

• විධි වෛද්‍යක

වෛද්‍ය විනය රහිතව රෝගීය න්ට ප්‍රතිකාර කිරීම සාර්ථක නොවේ.වෛද්‍යවරයාගේ පැවතුම් රටාව ද සුවිශේෂී.ඒ පැවතුම් රටාව පැවැතුම් රටාවක් ඇති විටදී විට දී පමණක් ප්‍රතිකාර වලින් ප්‍රතිඵල ලැබේ.වෛද්‍ය කර්ම සිදු කරන සෘෂිවරයෙකුගේ,තාපසයෙකුගේ හෝ ගෘහස්ථ වෛද්‍යවරයෙකුගේ වෛද්‍යවරයෙකුගෙන් ගති පැවතුම් ආචාරධර්ම හා සිරිත්විරිත් කෙබදු විය යුතුද යන්න මෙහි විස්තර වේ .
වෛද්‍ය ආචාර්ය ආචාර විධි හා පැවතුම් ඇති ශිෂ්‍යයකු තෝරා වෛද්‍යවරයෙකු කිරීම හෝ නැතිනම් වෛද්‍ය කර්ම උගන්නා ශිෂ්‍යයා ඒ ගති පැවතුම් වලට ඇතුළු කිරීම හෝ ගුරුවරයා විසින් කළ යුතුය .
මේ දෙයාකාරයෙන් ම දෙයාකාරයෙන්ම ඵලදායි හා සාර්ථක වෛද්‍යවරයෙකු බිහි කළ හැකි බව ඒ ග්‍රන්ථයේ පවසයි. අවබෝධය තුලින් මෙය සිදුවන අතර  වෛද්‍ය ඇවතුම් පැවතුම්වලින්  සිදුවන්නෙ  ඒ අවබෝධය  දියුණු වී තමන් විසින් ම තමා සකස් වීමයි. පළමුවෙන් ගුරුවරයා  විසින්  කළ පුරුදු කිරිම් තුලින් පසුව ශිෂ්‍යයාම තමන් අවබෝධය තුලින් ම එය ඉටු කරගනි.ශිෂ්‍යයා පළපුරුදු වෛද්‍ය කර්ම ඇති අයෙකු වු විට ගුරුවරයෙකු වන්නෙ වෛද්‍ය කර්ම තුල තමා ලබන පරිනත භාවයෙනි. ඒ විට ඔහුට තමාගේ ශිෂ්‍යයන්  බිහි කළ හැකිය.

වෛද්‍ය විද්‍යාව අද මෙන් පොත්පත්වලවත් අනුරාධපුර යුගයේදි මෙන් පුස්කොල පොත් වලවත්.ලියවි තිබුනේ නැත.එම නිසා ඒවා වනපොත් කිරිමට අවශ්‍ය විය.මේ සදහා ශිෂ්‍යායානුපරම්පරාවක් බිහි විණි.වනපොත් කිරිම නොහොත් කටපාඩමින් ධාරණය කරගැනිමට ද වෛද්‍ය ශිෂ්‍යයාට උදව් වන ශාක සාර විය. විජයාගමනයට පෙර සමාජයෙ යක්ෂ ජනතාව ගේ ධාරණ  ශක්තිය දියුණු  කරගැනීමට පාවිච්චි කරන ලද ශාක සාර වර්ග දත හැකිය.දේශිය විශේෂඥ වෛද්‍ය මොල්ලිගොඩ මහත්මිය තම ප්‍රශ්චාත් උපාධි නිබන්ධනයෙහි දක්වා ඇති පරිදි එහි ප්‍රභේද කිහිපයක් පහත දැක්වේ..

1 සාමාන්‍ය ධාරණ ශක්තිය දියුණු කරගැනිමට 'සස්සක' පැළෑටියේ සාරය.

2 සෙමෙන් කියවා ධාරණය කරගැනීමට 'පලධාන' පැළෑටියේ සාරය

3 කෙනෙකු ගෙන් අසා දැන් ධාරණයට 'සුබෝධන' ඖෂධය .

4 ස්ව ශක්තියෙන් ධාරණය සඳහා  ' ඉක්ලීස' නම් ඖෂධය.

5 තර්කයෙන් ධාරණය රැඳවිමට 'කිරිවල්' නම් පැළෑටියේ සාරය.

පණ්ඩිත කිරිඇල්ලෙ ඥානවිමල හිමියන් පෙන්වා දෙන පරිදි රාවණ රජු ගේ අවධිය දේශිය වෙදකමේ ස්වර්ණමය අවධිය විය. රෝග වළක්වාගැනීම සහ රෝග සුවකරගැනිම යන කරුනු දෙකට සීමා වන වත්මන් වෛද්‍ය ක්‍රමවලට වඩා මෙය දුර දිග ගිය  විද්‍යාවක් විණි. උපතින් ලද ශරීරය තව දුරටත් බල ගැන්වීම , ආයුෂ දීර්ග කරගැනීම සහ ජරාවට යාම වළක්වා ගැනිම(වයසට යෑම), නිරෝග,ප්‍රඥාවන්ත සහ ශක්තිමත් දරුවන් ලබාගැනිම දක්වා මේ  විද්‍යාව ගමන් කල  බව ඥාණවිමල හිමියන්  පවසති. රජ කුමරියන්ට සහ රජ බිසවට උත්තම දරුවන් ලැබීම සඳහා ඒ අය සෘෂිවරුන් හා මුනිවරුන් හා සංවාසයේ යෙදීමට යැවීම සදහා රජුන් වග බලගැනිම සුවිශේෂි සිදුවිමක. ( කතරගම වැඩිහිටි කන්දේ ) සුමාලි රකුස් රජු විසින් තම දුහිතෘ කෛකසී කුමරිය විශ්‍රවස් මුනිවරයා වෙත යවා ලබාගත් දරුවෙකු ලෙස රාවණ රජු ගැන රාමායණයේ සදහන් ය.

ශරීරය බලවත් කිරිමේදි වෙදකම,යෝග අභ්‍යාස,ජෝතිශ්‍ය ,ශාන්ති කර්ම,සමථ භාවනාව ආදිය අවශ්‍ය ය.රාවණ රජු ඒ සියල්ල ප්‍රගුණ කර තිබිණි.මනස බලවත් කිරිම බුදුන්වහන්සේ විසින් කරන ලද අතර පැවැත්මේ අංග  සියල්ල නොසලකා හැර ප්‍රතික්ෂේප කරන ලදි. රාවණ රජුගේ ධර්මය පැවැත්ම උදෙසා  ය... බුදුන් වහන්සේගේ ධර්මය නැවැත්ම උදෙසාය..මේ එකිනෙකට විරුද්ධ පාර්ශව දෙකකි. මේ දෙක ම මිනිසා  තුළ ඇති බව අපට උගන්වා ඇත්තේ නාමය හා රූපය නොහොත් විඥාණය හා ද්‍රව්‍යය යනුවෙනි. මිනිසා යනු ඒ ස්වභාව දෙකෙහි  සංකලනය යි. ඒ බැවින් දහම ද දෙආකාර වේ.එ නම් පැවැත්මේ දහම හා නැවැත්මේ දහම යනුවෙනි. ඒ දෙකම එකතු වු විට දහම යි..

ඊළඟ කොටසින්  හමුවෙමු...

3 comments:

Deshan said...

great post vet interesting

Ravana Anush said...

āļšිāļģිāļ‡āļŊ්āļŊෙ ⎄ිāļ¸ි āļ´āļģි⎀āļģ්āļŽāļąāļē āļšāļŊ āļ…āļģො āļœ්‍āļģāļą්āļŽāļē ⎃ොāļēා āļœැāļąීāļ¸āļ§ āļąැ⎄ැ āļąේāļ¯ āļ­ිāļļෙāļąāˇ€ා āļąāļ¸් āļ‘āļē āļ´āļģි⎁ිāļŊāļąāļē āļšිāļģීāļ¸āļ§ āˇ„ැāļšිāļē⎀āļš් āļ‡āļ­්āļ¯?

Ravana Anush said...

āļ…āļģ්āļšāļ´්‍āļģāļšා⎁ āļœ්‍āļģāļą්āļŽāļē ⎃ොāļēා āļœැāļąීāļ¸āļ§ āļ­ිāļļෙāļąāˇ€ාāļ¯?

• āļœāļĢිāļ­āļēේ āļ‹āļ´āļ­

āļœāļĢිāļ­āļē āļēāļąු ⎀ිāļ¯්‍āļēා⎀ේ āļģැāļĸිāļą āļēāļēි āļļāļ§āˇ„ිāļģ ⎀ැ⎃ිāļēෝ āļšිāļēāļ­ි.⎄ෝāļŠි āļ´āļą්āļ­ිāļēේ ⎃ි⎃ු⎀ාāļœේ āļ´āļ§āļą් āļ¸āˇ„ා ⎀ිāļ¯්‍āļēාāļ°āļģāļēා āļ¯āļš්⎀ා āļšොāļēිāļšාāļ§āļ­් āļœāļĢිāļ­āļē ⎄ා āļ‰āļŊāļš්āļšāļ¸් āļąැāļ­ි⎀āļ¸ āļļැāļģිāļē. āļœ...